EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ultraman: Rising (2024) | ” යුතුකමකට එහා ගිය වගකීම ”

 

අල්ට්‍රාමෑන් කිව්වම දන්න පිරිසක් වගේම නොදන්න පිරිසකුත් ඇති. ඒත් අල්ට්‍රාමෑන් කියන චරිතය නොදන්න අයගේ ප්‍රවණතාවය නම් බොහොම අඩු එකක් වෙන්නැති කියලයි මං විස්වාස කරන්නෙ. මොකද මං වුණත් මේ අල්ට්‍රාමෑන් කියන චරිතය කීපවතාවක්ම දැකල තිබුණත් අල්ට්‍රාමෑන්ගේ චිත්‍රපටයක් බලපු පලවෙනි අවස්ථාව තමයි මේක. ඒකට කාරණයත් මං ලිපිය ඉදිරියේදී කියන්නම්. සරල පැහැදිලි කිරීමක් කළොත් අල්ට්‍රාමෑන් කියන්නෙ අඩි 131 එකක් පමණ උස ඇති දැවැත්ත සුපිරි වීර චරිතයක්. මනුෂ්‍යයෙක් තමයි මේ සුපිරි වීරයා බවට හැරන්නෙ එහෙමත් නැත්තම් පත්වෙන්නෙ. මේ අල්ට්‍රාමෑන්ලත් කීපදෙනෙක්ම ඉන්නවා. මං ඒ පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කරන්න යන්නෙ නෑ,.

ඉතිං මේ Action/Sci-fi ඛාණ්ඩයට අයත්වෙන Ultraman : Rising (2024) චිත්‍රපටය පැය 1 කුත් මිනිත්තු 57 ක කාලයට සීමා වෙනවා. මං කලිනුත් සඳහන් කළා වගේම මේක Netflix ඔස්සේ තමයි නිකුත් වෙන්නෙ. ඒ වගේම IMDb දර්ශකයේ 7/10 ක් ද මේ වෙද්දි ලබාගන්න සමත් වෙද්දී Rotten Tomatoes අගය 83% ක අගයකුත් මේ අල්ට්‍රාමෑන් චිත්‍රපටය ලබාගෙන තිබෙනවා.

ඉතිං කතාව ගැන යමක් සඳහන් කළොත්…,
ටයිටන්ලා, කයිජුලා ඔක්කොගෙම අයිතිය තියෙන ජපානෙට තමා මේ අල්ට්‍රාමෑන් කියන චරිතයත් අයත් වෙන්නෙ. ඉතිං කයිජුලගේ වංසගතයට එරෙහිව මිනිස්සුන්ව ආරක්ෂා කරන්න තමයි අල්ට්‍රාමෑන් හට හුඟක් වෙලාවට තියෙන රාජකාරිය වෙන්නෙ. මේ අල්ට්‍රාමෑන් කතාව අනිකුත් කතාවන්ට කිසිඳු සබැදියක් නැති නිසා කිසිම අවුලක් නැතුව මේක බලලා අල්ට්‍රාමෑන් රසිකයෙක් වෙන්න ඔයාලට ඔන්න අවස්ථාවක් තියෙනවා. කයිජුලගේ වංසගතයෙන් මිනිස්සුන්ව ආරක්ෂා කරන යුතුකමක් තියෙන මේ අල්ට්‍රාමෑන්ට සිද්ධ වෙනවා නොහිතපු විදිහේ වගකීමකට කරගහන්න.

ඉතිං මීටවඩා නම් කතාව ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ.

Comments