EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Luca (2021) | ලූකා

මේ සිනමාපටයට පාදක වෙන්නේ ඉතාලියේ ජනප්න‍රිය ජන කතාවක්. අධ්‍යක්ෂකවරයාත් ඉතාලි ජාතික Enrico Casarosa. ඔහු තමන්ගේ ළමා කාලදී ඇසුරු කරපු ඔහුගේ හොඳම යාලුවා අල්බෙර්තෝ තමයි ලූකා’ගෙ මිත්‍රයා විදියටත් තෝරගන්නෙ. ඔවුන් දෙදෙනා කුඩා කල ඉතාලි ග්‍රාමීය මුහුදු තිරයන්’හි කෙළිදෙලින් ගතකල ආකාරය හරි අපුරුවට ප්‍රතිනිර්මාණය කරල තියෙනව. විශේෂයෙන්ම තමන්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය මේ ආකාරයට අනර්ඝ අන්දමින් නිර්මාණය කිරීම හැම කෙනෙක්ට කරන්න පුළුවන් වෙච්ච දෙයක් නෙමෙයි. පික්සර් ආයතනය ඔහු වෙත තියල තියෙන වගකීම 100% ඉටු කරල තියෙනව ඔහු. ඒ වගේම ඔහු Jesse Andrews සහ Simon Stephenson දෙදෙනා එක්ක මෙහි කතාව රචනා කිරීමටත් දායක වෙලා තියෙනව. මෙහි නිර්මාණකරුවන්ව පික්සාර් ආයතනය විසින් ඉතාලියේ සවරියකුත් අරගෙන ගිහින් තියෙනව එහෙ පරිසරය ප්‍රති නිර්මාණය කරන්න ලෙහෙසි වෙන්න. ඒ වගේම එන්රිකෝ කියල තියෙනව ඔහුගේ මිත්‍රයා ඇල්බර්ටෝ තමයි ඔහුගේ ජීවිතය වෙනස් කල කෙනා කියල. කුඩා කල අම්මගේ උවමනාවටත් වඩා වැඩි පරිස්සම නිසා හිරවෙලා වගේ හිටිය එන්රිකෝගෙ ජිවිතේ වෙනස් කරලා තියෙන්නේ ඔහුගේ හොඳම යාළුවා විසින්. ඒ වගේම මෙහි සංගීතය ගැන මතක් නොකර හිටියොත් ඒක ලොකුම ලොකු අඩුවක්. මෙහි සංගීත නිමාපකයා වෙන්නේ Dan Romer.

කතාව ගැන කිව්වොත්, ලුකා කියන්නේ මුහුදු පතුලේ ජිවත් වෙන ළමෙක්, ඔවුන්ට අනුව ගොඩබිම ඉන්නේ රාක්ෂයෝ. ගොඩබිම ඉන්න මිනිස්සුන්ට අනුව මුහුදේ ඉන්නේ මුහුදු රාක්ෂයෝ. මුහුදු රාක්ෂයෝ, ගොඩබිම් රාක්ෂයෙක් දැක්ක ගමන් කරන්නේ හැන්ගෙන එක. හැබැයි මනුස්සයෙක් මුහුදු රාක්ෂයෙක්ව දැකපු ගමන් කරන්නේ ඌව මරන්න හදන එක. ඔහොම තත්වයක් තියෙනකොට ලුකා කියන මුහුදු රාක්ෂයට මේ ගොඩබිම ජීවින් ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ. ඒ අතරවාරයේ ලුකා ජීවත්වෙන අහල පහලට මාළු අල්ලන්න එන යාත්‍රාවක් නිසා හැම දේම සදහටම වෙනස් වෙනව. 🙂

Comments