EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Maya the Bee 3: The Golden Orb (2021) | මායා: පුංචි වීර මී මැස්සී සහ රත්තරන් ගෝලය

 

මේක අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Noel Cleary විසින්. ප්‍රධාන චරිතවලට හඬකැවීමෙන් Coco Jack Gillies, Benson Jack Anthony, සහ Jimmy James Eaton දායක වී තිබෙනවා.

හරි, ඔයාලා දන්නවා ඇති මායා කියන්නේ පොඩි වුණත් කොයි තරම් නිර්භීත සහ එඩිතර මී මැස්සියක්ද කියලා. කරදරයක වැටුණු කෙනෙක්ව දැක්කොත් අහක නොබලා ඉන්න කෙනෙක් තමයි ඇය. මායාගේ අඹ යාළුවා තමයි විලී. විලීනම් මායා වගේ නෙමෙයි. හැමදේටම හරිම බයයි. හැබැයි මායාගේ නිර්භීතකම නිසා පටලගන්න කරදර නිසා විලී විතරක් නෙමෙයි මුළු මී වදයේම ඉන්නා මී මැස්සො පවා අමාරුවෙ වැටෙනව. හැබැයි ඉතින් පහු ගිය කතා දෙකේදි හැමදේම හොඳ දේකින් තමයි කෙළවර වුණේ.

ඉතින් මේ කතාව පටන්ගන්නෙ වසන්තය උදාවීමෙන්. වසන්තය උදා වෙනකොට මී මැස්සො වසන්ත උත්සවය පවත්වනව. මායා වේලාසනින්ම අවදි වෙලා, කම්මැලි විලීවත් කොහොමහරි කරලා කූද්දන්නෙ හිරු උදාව දැකගන්නයි. හැබැයි අනපේක්ෂිත විදිහට ඉර පායලා එක පාරට ආපහු එළිය නැතුව යනව. මේක මායාට හරි ප්‍රශ්ණයක්. මොකද හිරු උදාව නැතුව වසන්තය උදා වෙන්නෙත් නෑ. වසන්තය උදා නොවී, වසන්ත උත්සවය පැවැත්වෙන්නෙත් නෑ. මේ නිසා මායා තීරණය කරනවා විලී එක්ක එකතු වෙලා ‍මේ ප්‍රශ්ණයත් හරි ගස්සන්න. හරි ගස්සන්න ගියාට මොකද හැමදේම වැරදිලා තමයි මේ පාරත් මායායි විලීයි ආපහු මී වදයට එන්නෙ…

ඉතින් මොකක්ද ඇත්තටම මේ පාර මායායි, විලීයි වරද්දගත්තේ? මේ පාර මී වදේ මොන කරදරේක වැටෙයිද? එතකොට කොහොමද මේ මාතෘකාවෙ තියෙන රත්තරන් ගෝලය කතාවට සම්බන්ධ වෙන්නේ? කොහොමවුණත්, මායාට පුලුවන් වෙයිද ඉර ආපහු ගෙන්නගන්න? මේ ප්‍රශ්ණ ටික ඉතිරි කරන්නම් චිත්‍රපටය බලලාම දැනගන්න.

Comments