EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Ice Road (2021) | ජීවිතේ යදින හුස්ම වෙනුවෙන්…
උතුරු ඇමරිකාවේ වසරේ ශීත සෘතුවට මිනිසා විසින්ම ගංගා හා වැව් සාගර අයිස් වුනාම ඒ මතින් පාරවල් හදාගන්නවා. ඒ තම ප්‍රවාහණ කටයුත් ඉක්මණින්ම කරගන්න. ඒත් මේවා භයානක මෙන්ම මාරාන්තික ගමන්. පොඩ්ඩ ගැස්සුනොත් ජීවිතෙන් වන්දි ගෙවන්න තමයි වෙන්නේ. මේ ගමන් වල යෙදෙනවා කියන්නේ හරියට සිය දිවි නසාගන්නවා වගේ වැඩක්. අගල් තිහක් විතර ඝණකම් අයිස් තට්ටුවක් උඩින් රාත්තල් 65,000ක් විතර බර වාහන එයාල අරගෙන යනවා. ඇත්තටම මේක ත්‍රාසජනක වැඩක්. මයික් මැක්කෑන් එයාගේ මල්ලි ගර්ටි නිසා බොහෝ කරදරවලට මූණ දෙනවා. ඒ ගර්ටිගේ තියන මන්ද මානසිකත්වය නිසා. ආර්ථික අතිනුත් මයික් සෑහෙන්න කරදර විඳිනවා.
මේ අතර මැනිටෝබා වල කට්කා නම් උමඟක පිපිරීමක් වෙලා මිනිස්සු 26 ක් ඒ තුල හිර වෙනවා. මීතේන් වායුව බහුලව තියන ඒ උමගේ පතල් මිනිසුන්ට ඉතුරුවෙලා තියෙන්නේ පැය 30ක තරම් කාලයක්. ඔවුන්ගේ ජීවිත බේරගන්න උමගේ පොලව මතුපිට ඇති ළිං කටක් විනිපෙග් වල ඉඳන් අරන් යන්න වෙනවා. තියන කාලයත් එක්ක ඔවුන් තෝරගන්නේ මේ අයිස් මත තියන පාරයි.
මේ ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටය පසුගිය 25 වන දා එක්සත් ජනපදයේ නෙට්ෆ්ලික්ස් හරහා සහ එක්සත් රාජධානියේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ හරහා ඩිජිටල් ලෙස නිකුත් කරලා තියනවා. මෙහි මයික් මැකෑන් ලෙස Liam Neeson, ජිම් ගෝල්ඩන්රොඩ් ලෙස Laurence Fishburne සහ ටැන්ටූ ලෙස Amber Midthunder රංඟනයෙන් එකතු වෙනවා. ඊට අමතරව Benjamin Walker, Marcus Thomas, Holt McCallany, Martin Sensmeier, Matt McCoy සහ Matt Salinger ද රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටයේ නිෂ්පාදනය Bart Rosenblatt සමගින් Shivani Rawat ය. අධ්‍යක්ෂණය Jonathan Hensleigh විසිනි.
විනාඩි 108 ක ධාවන කාලයකින් යුත් චිත්‍රපටය සඳහා මේ වන විට IMDb දර්ශකයේ 5.6 ක්, Rotten Tomatoes 43% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 79%ක කැමැත්ත ලැබී ඇත.












