EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hit List (2024) | “පුදුම සැලැස්මක් ”

 

ඔන්න එහෙනම් මේ පාර ආවේ සුපිරියක් අරගෙන..කියන්න දෙයක් නෑ මුල ඉදන් අගට යනකල්ම එක හුස්මට කුතුහලයෙන් බලන්න පුළුවන් නියම ෆිල්ම් එකයි..අවසානයේ ඔයාලව කරකවලා අත අරිනවා නොඅනුමානයි..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න විජේ කියන්නේ පාඩුවේ ජීවත් වෙන අහිංසක කොල්ලෙක්..දවසක් මෙයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා අදුරන්නේ නැති කෙනෙක්ගෙන් එයා මෙයාගේ අම්මවයි නංගිවයි පැහැරගෙන ගියා කියලා..ඉතින් මේ පැහැරගෙන ගිය කෙනා මූණ පේන්නේ නැති වෙන්න වෙස් මූණක් දාගෙන විජේට කෝල් එකක් ගන්නවා අරගෙන කියනවා තමන් කියන දේවල් කරොත් විතරයි අම්මවයි නංගිවයි නිදහස් කරන්නේ කියලා.

.මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..කව්ද මේ වෙස් මූණක් දාගෙන ඉන්න කෙනා ???? ඇයි මෙයා විජයගේ අම්මවයි නංගිවයි පැහර ගත්තේ ???? එයාලව නිදහස් කරන්න විජේට මොනවද කරන්න කියන්නේ ???? ඒ හැමදේම පිටි පස්සේ තියෙන සැගවුණු සත්‍යය මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තව පාරක් මට කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මිස් කර ගන්න එපා එහෙම කරොත් ඒක ලොකු අපරාධයක්..

Comments