EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Inheritance (2024) | “තාත්තගේ 75 වෙනි උපන්දිනය”

 

චාර්ල්ස් ඇබර්නැතී කියන්නේ ඉතා පෝසත් ව්‍යාපාරිකයෙක්….මොහුට දරුවන් හතර දෙනෙක්  ඉන්නවා…දෙන්නෙක් නිවුන්නු, මැඩලීන් සහ සී.ජේ….අනිත් දෙන්නා ඩෲ සහ කැමී…. චාර්ල්ස්ගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් මෙයාලට මහ ගෙදරට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා…

ඩෲත් එක්ක එයාගේ බිරිඳ හැනාත් එනවා….තාත්තගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් තමයි ආරාධනාව කියලා හිතුවට, ඒකට වෙනම හේතුවක් තියෙනවා කියලා තාත්තා මෙයාලාට කියනවා…. චාර්ල්ස්ව මරන්න කෙනෙක් රෑට එන බව සහ එයාව මේ මරණෙන් ගලවගත්තොත් විතරක් දරුවන්ට එයාලගේ උරුමය ලබා දෙන බවත් චාර්ල්ස් මෙයාලට කියනවා….

චාර්ල්ස් ඉස්සර ඉඳන්ම කරගෙන ආපු අත්භූත ගනුදෙනුවක් නිසා යම් පරලොවින් ආපු යක්ෂයෙක් එයාව මරන්න හදනවා කියලා දරුවන්ට කියනවා…දරුවෝ එකින් එකාව මේ යක්ෂයා මරණවා…මුලින්ම මරන්නේ කැමීව…අන්තිමට ඉතුරු වෙන්නේ ඩෲ සහ හැනා විතරයි…..මේ දෙන්නම තාත්තවත් බේරාගෙන ඉන්න උත්සහ කරද්දී, හිතන්නෙවත් නැති පැත්තකට කතාව හැරෙනවා….ඔයාලම බලන්නකෝ

Comments