EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWeapon (2024) | “මිනිස් අවියක්”
2024 ජූනි 7 වෙනිදා නිකුත් වුන මේ දෙමළ සලරුව අයත් වෙන්නේ Action / Thrier කියන කාණ්ඩයට.. මුල ඉදන් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක් තමයි මේක..
ප්‍රධාන චරිත විදියට Sathyaraj සහ Vasanth Ravi රංගනයෙන් දායක වෙනවා..
- Genre – Action / Thriller
- Director – Guhan Senniappan
- Cast – Sathyaraj, Vasanth Ravi, Rajiv Menon, Tanya Hope
- Run Time – 118 Minutes
- Language – Tamil
තේනි ප්‍රදේශයේ කුඩා දරුවෙක් හදිස්සි අනතුරකට ලක්වෙන්න ගිහින් අදෘශ්‍යමාන බලයක් විසින් ඔහුව බේරාගන්නවා.. මේ video එක අග්නි ඇතුළු ඔහුගේ youtube කණ්ඩායම දකිනවා.. අග්නි විශ්වාස කරන්නේ මේ දේ සිද්ද කරන්නේ සුපිරි බලයක් තියෙන මිනිහෙක් කියලා.. අග්නි ඇතුළු කණ්ඩායම ඒ පුද්ගලයව හොයාගෙන තේනි වලට යනව.. එහෙට මේ සුපිරි මනුස්සයව මරන්න හොයාගෙන, ඩීකේ කියන පුද්ගලයාගේ කුලී හේවායෙකුයි, තව අමතර වෙන කණ්ඩායමකුයි එනවා..මේ අතරට තමයි අග්නි මැදිවෙන්නේ… මේ සුපිරි පුද්ගලයා වටා තමයි මුළු කතාවම යන්නෙ..
කව්ද මේ සුපිරි මිනිසා.?
කව්ද මේ ඩීකේ.?
එතකොට අග්නි කොහොමද මේකට සම්බන්ද වෙන්නේ.?
ඔය සේරටම උත්තර දැනගන්න ෆිලුම බලන්නකෝ එහෙනම්












