Cast
Go Full Cast PageNadanna Sambhavam (2024) | පැමිණිලි නැත
කතාව යන්නෙ එක නිවාස පෙලක අසල් වාසීන් පිරිසක් ගැන. එහි ප්‍රධාන චරිත දෙක අසල් වැසි නිවෙස් දෙකක පුරුෂයින් දෙපළක්. කාටත් උදව් කරන පරාර්ථකාමී සමාජ ශීලී චරිතයක් වන උන්නි සහ තමන් ගැන විතරක් හිතන අමුතුම චරිතයක් වෙන අජිත් අතර අනවබෝධයෙන් හට ගන්නා සුළු ප්‍රශ්ණයක් දුර දිග යන හැටි මේ කතාවෙන් කිය වෙනවා. ඒත් නිකම් පැත්තක ඉන්න අජිත්ව මේකට පටලන පිරිමි භාග කීපයකුත් අජිත්ගෙ මිතුරන් අතර ඉන්නවා. ගින්න ඇවිලෙයිද නිවෙයිද? ප්‍රශ්ණයට මුල් වෙන කාන්තා පක්ෂය කෙසේ හැසිරෙයිද?එදිනෙදා අපිට දකින්න ලැබෙන චරිත කීපයක් අතරින් මේ කතාව ලස්සනට ගොඩ නගා තිබෙනවා.
බිජු මෙනන් සහ සුරාජ් වෙන්ඥාරමූඩු ප්‍රධාන චරිත මවන මේ චිත්‍රපටයේ සෙසු චරිත ශෘති රාමචන්ද්‍රන්, ලිජොමොල් ජෝස්, ජොනී ඇන්තනි සෙසු චරිත රඟ පානවා. විශ්නු නාරයන්ගේ දෙවන අධ්‍යක්ෂණය තමයි මේක.
Share
Links
Comments



