EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Bunker (2022) | “අද්භූත බංකරය”

මේක War/Horror ගණයට තමයි අයත් වෙන්නේ..එහෙනම් ෆිල්ම් එක පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ඔන්න හමුදා බල ඇණියකට භාර වෙනවා ජර්මානුවන්ගේ උමගක් ඇතුළේ තියෙන බංකරයක් පරීක්ෂා කරලා ඒක අත්පත් කර ගන්න..මෙයාලා ඉතින් ඒ බංකරේ ඇතුළට යනවා එතකොට තමයි තේරෙන්නේ ජරමානුවන් ඒක අත ඇරලා ගිහින් කියලා..එයාලට මෙහෙදි දකින්න හම්බෙනවා බිත්තියේ එල්ලලා ඉන්න ජර්මන් සොල්දාදුවෙක්ව..එයා මැරිලා නැති හින්දා මෙයාලා එයාව බේර ගන්නවා..

ඉතින් ඊට පස්සේ මෝටාර් එකක් වැටිලා මෙයාලට එළියට යන්න තිබ්බ දොර ගල් වලින් වැහිලා අවහිර වෙලා ගිහින් මෙයාලා මේක ඇතුළේ හිර වෙනවා..මේක මහ අද්භූත බංකරයක් කියලා තේරෙන්න වැඩි වෙලා යන්නේ නෑ..ඇත්තටම මේ බංකරය ඇතුළේ තියෙන්නේ මොනවද ???? ඒක අද්භූත බලවේගයක්ද ???? මේ දේවල් වලින් මෙයාලට ගැලවෙන්න පුළුවන් වෙයිද ???? ඒ හැමදේටම උත්තර හොයා ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..එක හුස්මට බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..

Comments

September 11, 2024

thank you