EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Caregiver (2023) | සාත්තු සේවිකාවගේ බිහිසුණු
Horror/Thriller කාණ්ඩයන්ට අයත් ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා හිතනවා. ඒ වගේම මේක ලොකු බජට් එකකින් නිපදවපු ලොකු නළු නිළියෝ ඉන්න එකක් නෙමෙයි කියලත් මතක් කරන්න ඕන. මේක අපි කලින් බලලා තියෙන ගොඩක් ෆිල්ම් වල එකතුවක් විදියටයි මටනම් දැනුනේ.
සාත්තු සේවිකාවක් විදියට රැකියාව කරන එමා කියන තරුණියට මූණ දෙන සිදුවීමක් තමයි චිත්‍රපටයට පාදක වෙන්නේ. තමන්ගේ පියාගෙන් සිදුවුන කරදර නිසා එමා ගෙදරින් ඈත් වෙලා ඉන්න අතර එයාට සාත්තු සේවිකාවක් විදියට මහළු කාන්තාවක් බලාගන්න රැකියා අවස්ථාවක් ලැබෙනවා. විශාල පාළු ගෙදරක තනියම ඉන්න මේ කාන්තාව බලාගන්න එන එමාට හීනෙකින්වත් හිතපු නැති සිදුවීම් වලට මූණ දෙන්නේ වෙනවා. Horror කාණ්ඩයට වර්ගීකරණය කරලා තිබුනට මේක තුලින් ඔයාලට වෙනස් අත්දැකීමක් ලැබෙයි කියලා මම හිතනවා. මේ වෙද්දි 4.1ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන The Caregiver චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ariel Luque විසින්. චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන නළුනිළි පිරිසනම් ඉතා සීමිතයි. Clara Kovacic, Nikola Kent සහ Lis Fernandez කියන අපිට හුරුපුරුදු නැති මූණු කීපයක් තමයි දකින්න ලැබෙන්නේ.



