EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Angels Fallen: Warriors of Peace (2024) | “සාමයේ රණශුරයන්”

 

සාජන් ගේබ්‍රියෙල් කියන්නේ තමන්ගේ කණ්ඩායමත් එක්ක ඉරාක යුද්ධෙදි නිර්භීතව සටන් කරපු හමුදා සෙබලෙක්…යුද්ධේ කාලෙ ඉඳන්ම එක ඒක දේවල් එයාට පෙන්න ගත්තා….හමුදාවෙන් අයින් වුණාට පස්සෙත් මේවා දිගටම පෙන්න ගත්තා…දවසක් සාජන් ගේබ්‍රියෙල් ගෙදර නිදාගෙන ඉන්නකොට හීනෙන් බය වෙලා නැගිටලා, කුස්සියට එනකොට කවුද මනුස්සයෙක් කුස්සියේ ඉඳන් ගෙබ්‍රියෙල්ගේ වයින් ඒක බිබී ඉන්නවා දකිනවා..මේ කෙනා තමා බල්තසාර් ! මොහු දිගින් දිගටම ගේබ්‍රියල්ට පෙන්න ගන්නවා…පස්සේ කොහොම හරි බල්තසාර් කවුද කියල ගේබ්‍රියෙල්ට කියනවා..ඒ වගේම ඇයි එයා ගේබ්‍රියෙල්ගේ පස්සෙන් එන්නේ කියලත් කියනවා….

දෙවියන් වහන්සේගේ නියෝජිතයෙක් වෙන බල්තසාර්, ගේබ්‍රියෙල්ව හොයාගෙන ඇවිල්ල තියෙන්නේ දෙවියන් වහන්සේගේ අනුදැනුම මත….පෘතුවිය විනාශ කරන්න අඳුරු ලෝකයේ ඉඳන් අග්‍ර දේවදුත මයිකල් මළවුන්ගේ හමුදාවක් හදන ගමන් ඉන්න නිසා, ඒකෙන් ලෝකේ බේරගන්න තමයි ගේබ්‍රියෙල්ව තෝරාගෙන තියෙන්නේ…මෙයාට මේක තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි…මේ මෙහෙයුම සාර්ථක වෙන්න නම්, අනිවාර්යයෙන්ම සාමයේ රණශුරයන් සොයාගන්න වෙනවා…

සාජන් ගේබ්‍රියෙල් එක්ක ඉරාක යුද්ධයේදී සටන් කරපු එයාගේ කණ්ඩායමත් එක්ක, සාමයේ රණශුරයන් සොයාගෙන, අග්‍ර දේවදුත මයිකල් සහ එයාගේ මළවුන්ගේ හමුදාව විනාශ කරලා ලෝකය බේරගන්න යන ගමන ගැන තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ….

Comments

October 23, 2024

❤️👍