EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Nowhere Boy (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alex Oakley, Mark Hopkins, Sam Taylor-Johnson, Susanna Lenton
Cast
Go Full Cast PageNowhere Boy (2009) Sinhala Subtitles | වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු|
යොවුන් වියේ පසුවෙන ජෝන් ලෙනන් උසස් පාසල් වයසේ පසුවෙන විනෝදකාමී, සෙල්ලක්කාර කොල්ලෙක්. තමන්ගේ නැන්දයි මාමයි එක්ක ජීවත් වෙද්දී හදිසියේ මාමා සමුගන්නවා. මේ අතරෙදි තමයි ජෝන්ට තමන්ගේ අම්මා හමුවෙන්නේ. නමුත් මේ අම්මා-පුතා සම්බන්ධය තරමක් අමුතු විදිහේ එකක්. ඒ ජෝන් ලෙනන් පසු කලෙක ඒ ගැන සඳහන් කර තිබුණු නිසා වෙන්නැති. කොහොම වුනත් ඒ සේරම පසුව හරියනවා. ඒ නැන්දා, අම්මා සහ ලෙනන් අතර සිදුවෙන හැල හැප්පීම් රැසකට පස්සෙයි.ඒ ඇය කුඩා කළ ඔහුව හැරදමා යාම සම්බන්ධයෙන්. ඒ මොනවා වුණත් අම්මගෙ උදව්වෙන් මොහුට සංගීතය ගැන තිබුණු ආශාව සහ උනන්දුව තවත් ප්‍රබල වෙලා රොක් ඇන්ඩ් රෝල් ශෛලිය වෙතට හැරෙනවා. එතකොට ඇයි මම අරවගේ තේමාවක් උඩදී යෙදුවේ? ඒ ජෝන් ලෙනන්ගේ පවුලේ සහ සංගීත දිවියේ ඇතිවුනු අරගල නිසා ඉතින් තමන්ගේ ඇතිවන අධික තරහව නිසාත්, මුරණ්ඩුකම නිසාත් ජෝන් ලෙනන්ට විටෙක මේ දෙපාර්ශ්වයෙන්ම අගති සිදුවෙනවා. එමෙන්ම පසුකලෙක මොහුගේ මවගේ සදහටම සමුගැනීම ඔහුගේ සංගීත දිවියේ විශාල හැරවුමක් වෙනවා. මේ සලෙරුවේ ජෝන් ලෙනන්ගේ විවිධ නම් යොදපු සංගීත කණ්ඩායමේ ඇතිවීම, නැග්ම යන අවස්ථාවන් බලාගන්න පුළුවන්.
Nowhere Boy සිනමාපටයේ ජෝන් ලෙනන් චරිතයට පණ පොවන්නේ Aaron Taylor Johnson. ඒවගේම The Maze Runner, Nanny Mcphee වැනි සිනමාපටවල ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වුණු Thomas Brodie-Sangster ද ජෝන් ලෙනන් ගේ සංගීත දිවියේ ප්‍රධාන මිතුරෙක් ලෙසින් රංගනයෙන් දායක වෙනවා.












