EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

My Spy (2020) | පුංචි මොළකාරී.

 

My Spy (2020) චිත්‍රපටය මං දකින්නේ ෆෘට් සැලඩ් එකක් විදිහට. ඒ කියන්නේ මේක Action, Comedy, Romance, Drama කියන හැම වර්ගීකරණයක්ම නියෝජනය කරනව. කතාවට අනුව ජේජේ (Dave Bautista) කියන්නේ CIA (Central Intelligence Agency) එකේ නියෝජිතයෙක්. එයා හැමදේම අතින් පයින් විසඳ ගන්න හදන නිසා, ඒකට වැඩිය කැමති නැති එයාගෙ ලොක්ක එයාව වෙනස් වැඩකට යොදවනවා, බොබී (Kristen Schaal) කියන තාක්ණයට බර පිස්සු කෝච්චියත් එක්ක. එතැනදී එයාලට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. ඒ පරමාණු අවි හදල තමන්ගේම සහෝදරයා (මාකස්) අතින් මැරුම් කාපු මිනිහෙක්ගේ, කේට් (Parisa Fitz-Henley) කියන නෝනයි එයාගෙ දුව සොෆී (Chole Coleman) දිහයි ඇහැ ගහගෙන ඉන්න. ඒ මාකස්, කේට් ගෙ ගෙදරට ඇවිත් එහෙ හංගල තියන පරමාණු අවි සැලසුම් අර ගනිද්දී මිනිහව කොටු කර ගන්න හරි, කේට්ව ඒ සම්බන්ධයෙන් සැක කරන්න පුළුවන් නම් ඒ ගැන CIA එක දැනුවත් කරන්න හරි තමයි. හැබැයි කේට් ගේ දුවගේ මොළේට ජේජේ වගේම එයාගෙ යාළුවා බොබී දෙන්නම අහු වෙනවා. සොෆී කියන්නේ ඒ තරම් දක්ෂ, කටකාර ළමයෙක්. එහෙම උනත් සොෆී ඉන්නේ හරිම දුකෙන්. ඒ එයාව ඉස්කෝලේ ළමයි ගණන් ගන්නේ නැති නිසයි, අම්මට එයාව බලා ගන්න වෙලාවක් නැති නිසයි, ඒ වගේම මැරුණු තාත්තා නපුරු මිනිහෙක් උන නිසයි. සොෆී නිසා ජේජේ ගෙ වගේම සොෆී ගෙ අම්මගේ ජිවිතේ වෙනස් වෙන හැටි මේ කතාවෙන් කියවෙනවා. අර මං කලින් කිව්ව විදිහට මේ චිත්‍රපටය ෆෘට් සැලඩ් එකක් වගේ නිසා පවුලේ හැමෝටම බලන්නත් පුළුවන්.

My Spy (2020) අධ්‍යක්‍ෂණය කලේ Peter Segal. චිත්‍රපටයේ IMDb අගය 5.8 ක් වෙනවා. මේ දවස් වල පැතිරිලා යන කොරෝනා වයිරස කතන්දරේ නිසා ලෝකයේ රටවල් ගොඩක සිනමා ශාලා වල තිර ගත කරන්න තිබ්බ අවස්ථාවක් මේ වෙනකොට චිත්‍රපටයේ අයිතිකරුවන්ට මග හැරිලා තියෙනවා. නමුත් ගෙදර ඉඳන් බලන්න කැමති අයට මං මේ හදපු සිංහල උපසිරැසිය එක්ක හිනා වෙන ගමන් කතාව රස විඳින්න පුළුවන්.

Comments

September 9, 2024

Best tmx