EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Police Story 3: Super Cop (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PagePolice Story 3: Super Cop (1992) | සුපිරි පොලිස් නිලධාරි ජැකි චැන් මත්කුඩු අධිපතියෙක් සොයා පොලිස් නිලධාරිනියක් සමඟ අපුරු රහසිගත මෙහෙයුමක | 18+
හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම Police Story 3 වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. Police Story 1 – 2 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනයක් තියනවා, ඒ දර්ශනයි අනිත් චිත්‍රපටි 2කේ වගේම සියලුම ක්‍රියාදාම සටන් දර්ශන ගන්නේ ඇත්තටමයි. පරිගණක සජීවිකරණ දේවල් මුකුත්ම නෑ. ජැකීගේ මේ Police Story චිත්‍රපටි මාලාව රූගත කරන්න විශාල කැමරා ප්‍රමාණයක් යොදාගෙන තියනවා. ඒ වගේම හුඟක් තැන් වල ජැකීට තුවාලත් වෙලා ලේ හිටං ගලන අවස්ථා වෙලා තියනවා. ඒ සමහර කොටස් ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ අවසන් කොටස් වල දකින්න ඇතිනේ.
මේ චිත්‍රපටිය තියලා තියන Box Office වාර්තාව ඇවිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන $16,270,600ක්. බොහොම විශාල ආදායමක් උපයන්න සමත් වෙලා තියනවා.
කතාව මේකයි,
චායිබාට් නැමති ප්‍රබල මත්ද්‍රව්‍ය අධිපතියෙක් නිතීයේ රැහනට කොටු කරගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් විශාල සැලසුමක් සකස් කරනවා. මේ වැඩේට යවන්න ජාත්‍යන්තර පොලිසියේ උදවිය හොයන්නේ එක විශේෂ සුපිරි පොලිස් නිලධාරියෙකුවයි, මොකද මේ චායිබාට් කියන මත්කුඩු අධිපතියව අල්ලන ඒක ලේසි වැඩක් නෙමෙයි හින්දා. විශාල හමුදාවක් පිරිවරාගෙන රහසිගත දූපතක තමයි මිනිහා ඉන්නේ. මේ වගේ මෙහෙයුම් සම්බන්ධයෙන් අත්දැකීම් බහුල දක්ෂ අපේ සුපිරි පොලිස් නිලධාරියා වන චැන් කාකූයිව තමයි යවන්න යෝජනා වෙන්නේ. මේ මෙහෙයුමට තවත් එක ජාත්‍යන්තර පොලිසියේ උසස් නිලධාරිනියක් කාකූයි එක්ක යනවා. මෙයාලා යන්නේ වෙස්වලාගෙන චායිබාට් මත්කුඩු අධිපතියගේ දකුණු අත විදියට ඉඳපු දැන් සිරගත වෙලා ඉන්න පුද්ගලයෙක් සමග හාද වෙලා චායිබාට්ට කිට්‍ටු වෙන්නයි.
හොඳයි, එහෙනම් තවත් වැඩි විස්තරයක් මම කරන්න උවමනා නෑ කියලා හිතනවා, චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න.












