EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Choosi Choodangaane (2020) | දැක්කත් නොදැක්කා වාගේ…!

 

පවුලෙ හැමෝමත් එක්ක එකතුවෙලා බලන්න ලස්සන තෙලිඟු ආදර කතාවක් අරගෙන ඇවිල්ල තියනව. නිකුත් වෙන්නෙ 2020 ජනවාරි 31 වෙනිද. IMDb අගය 6.9 වශයෙන් තමයි සදහන් වෙන්නෙ. අධ්‍යක්ෂනය Sesha Sindhu Rao. කාලෙට ගැලපෙන නිර්මාණයක් කරල තියනව.

ඒ වගේම තමයි අපි මේකෙ රන්ගන ශිල්පීන් ගැනත් කතා කරන්න ඕන. ඔයාලට මතක ඇති 96 (2018) සහ Jaanu (2020) චිත්‍රපට ද්විත්වයෙහිම රාම්ගෙ ශිෂ්‍යාව විදිහට රඟපාපු Varsha Bollamma, ඔව් එයා තමයි. මේ චිත්‍රපටියෙ ප්‍රධාන නිලිය විදිහට එයත් Shiva Kandukuri (introducing) ප්‍රධාන නළුව විදිහටත් රඟපානව. ඒ වගේම Malavika Satheesan, Anish Kuruvilla, Pavitra Lokesh, වගේ ක්ෂේත්‍රයේ ප්‍රධාන නලු නිලියො රැසක් මේකට රන්ඟන දායකත්වය දක්වල තියනව.

අපේ ජීවිතේදි අපේ අත්වැරදීමකින් හරි, අතපසු වීමකින් හරි අපි අපේ ජීවිතේට වැදගත් දේවල් කොච්චරනම් මගහැරගන්නව ඇතිද? ඒ දේවල් අපේ ජීවිත වලට කොහොම බලපාන්න තිබුනද? අපිට ඒ අහිමි වුනු දේවල් නිසා කොච්චරනම් පාඩු වෙන්න ඇතිද? හරි කියෙව්ව ඇති කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්.

සිද්දු තමයි අපේ කතා නායකය. මෙයා තමන්ගෙ අම්මගෙ බල කිරීම නිසා ඉන්ජිනියරින් කරන්න කොලේජ් එකට ඇතුලත් වෙනව. ඒත් මෙයානම් ඉන්ජිනියරින් කරන්න කැමතිම නැහැ. එතනදි තමයි මෙයාගෙ යාලුව යෝගිව මුනගැහෙන්නෙ. සිද්දු කියන්නෙ ජීවිතේ ගැන කිසිම පැහැදිලි බවක් නැති කිසිම දෙයක් සම්පූර්ණ කරන්නෙ නැති කෙනෙක්. ඉතින් එයාගෙ ජීවිතේට ආදරය බලපාන්නෙ කොහොමද කියල අපි චිත්‍රපටය නරඹන ගමන් බලාගමු.

Comments

May 2, 2025

Supiri film eka and my 2nd fav movie highly recommended