Gyeongseong Creature TV S01 & S02 Complete
ඔන්න ආසාවෙන් බලපු කතාවක දෙවෙනි කතාසමයට උපසිරැසි අරගෙනයි අද ආවේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 පළවෙනි පාර්ට් එකත්, මේ අවුරුද්දේ ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට GYEONGSEONG CREATURE කතාමාලාවේ පළවෙනි කතාසමය Netflix හරහා රිලීස් වුනා. ඉතින් සැප්තැම්බර් 27 වෙනිදා, ඒකියන්නේ මාස නවයකට විතර පස්සේ තමා GYEONGSEONG CREATURE කතාමාලාවේ දෙවෙනි කතාසමය Netflix හරහා රිලීස් වෙන්නේ. දෙවෙනි සීසන් එක එපිසෝඩ් හතකින් සමන්විත වෙනවා. GYEONGSEONG CREATURE සීරීස් එකේ පළවෙනි හා දෙවෙනි සීසන් දෙකම ඇතුලත්ව මුළු එපිසෝඩ් ගාණ එපිසෝඩ් 17ක් වෙනවා. කොරියානු කතාමාලා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම වියදමක් (වොන් බිලියන 70ක්) දරලා නිර්මාණය කරපු කතාමාලාව තමා මේක.
Action, Thriller, Historical, Sci-Fi ගනයන්ට අයිති වෙන මේ සීරීස් එකේ තිර රචනය Dr. Romantic කතාමාලාවේ තිර රචක Kang Eun Kyung සහ අධ්‍යක්ෂණය It’s Okay to Bot Be Okay සහ Hot Stove League කතාමාලාවන්හි අධ්‍යක්ෂක Jung Dong Yoon විසින් සිදු කරලා තියෙනවා. මේ වසරේ වැඩිම නැරඹුම් වාර ගණනක් සහිත කොරියානු නෙට්ෆ්ලික්ස් කතාමාලා දහය අතරට එන්න පළවෙනි කතාසමය සමත් වෙනවා. ඒවගේම IMDB දර්ශකයේ 7.3/10 ක් සහ MyDramaList දර්ශකයේ 8.4/10ක ඉහල අගයක් ලබාගන්නත් GYEONGSEONG CREATURE පළවෙනි කතාසමය සමත් වෙනවා.
දෙවෙනි සීසන් එකේ කතාව ගලාගෙන යන්නේ 2024 අවුරුද්දේ. පළවෙනි සීසන් එකේ තිබ්බේ 1945 අවුරුද්දේ කතාවනේ. ඉතින් ඒ නිසා කාස්ට් එකෙත් වෙනසක් වෙලා තියෙනවා. දෙවෙනි සීසන් එකේ Park Seo Joon, Han So Hee දෙන්නට අමතරව Lee Moo Saeng සහ Bae Hyun Sung දෙන්නා අලුතින් ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා. පළවෙනි සීසන් එක ඉවර වුනේ ගොඩක් ප්‍රශ්න ඉතුරු කරලා කියලා හැමෝටම මතක ඇතිනේ. එහෙනම් 1945 ග්යොන්ග්සොන්ග් වලින්, 2024 සෝල් වලට කතාව සම්බන්ධ වෙලා ගලන් යන්නේ කොහොමද කියලා බලමු.















