CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Gyeongseong Creature TV S01 & S02 Complete

Gyeongseong Creature TV S01 & S02 Complete

Dec. 22, 2023
Your rating: 0
9.7 18 votes

TV Series Info

 

ඔන්න ආසාවෙන් බලපු කතාවක දෙවෙනි කතාසමයට උපසිරැසි අරගෙනයි අද ආවේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 22 පළවෙනි පාර්ට් එකත්, මේ අවුරුද්දේ ජනවාරි 05 වෙනිදා දෙවෙනි පාර්ට් එකත් විදියට GYEONGSEONG CREATURE කතාමාලාවේ පළවෙනි කතාසමය Netflix හරහා රිලීස් වුනා. ඉතින් සැප්තැම්බර් 27 වෙනිදා, ඒකියන්නේ මාස නවයකට විතර පස්සේ තමා GYEONGSEONG CREATURE කතාමාලාවේ දෙවෙනි කතාසමය Netflix හරහා රිලීස් වෙන්නේ. දෙවෙනි සීසන් එක එපිසෝඩ් හතකින් සමන්විත වෙනවා. GYEONGSEONG CREATURE සීරීස් එකේ පළවෙනි හා දෙවෙනි සීසන් දෙකම ඇතුලත්ව මුළු එපිසෝඩ් ගාණ එපිසෝඩ් 17ක් වෙනවා. කොරියානු කතාමාලා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම වියදමක් (වොන් බිලියන 70ක්) දරලා නිර්මාණය කරපු කතාමාලාව තමා මේක.

 

Action, Thriller, Historical, Sci-Fi ගනයන්ට අයිති වෙන මේ සීරීස් එකේ තිර රචනය Dr. Romantic කතාමාලාවේ තිර රචක Kang Eun Kyung සහ අධ්‍යක්ෂණය It’s Okay to Bot Be Okay සහ Hot Stove League කතාමාලාවන්හි අධ්‍යක්ෂක Jung Dong Yoon විසින් සිදු කරලා තියෙනවා. මේ වසරේ වැඩිම නැරඹුම් වාර ගණනක් සහිත කොරියානු නෙට්ෆ්ලික්ස් කතාමාලා දහය අතරට එන්න පළවෙනි කතාසමය සමත් වෙනවා. ඒවගේම IMDB දර්ශකයේ 7.3/10 ක් සහ MyDramaList දර්ශකයේ 8.4/10ක ඉහල අගයක් ලබාගන්නත් GYEONGSEONG CREATURE පළවෙනි කතාසමය සමත් වෙනවා.

 

දෙවෙනි සීසන් එකේ කතාව ගලාගෙන යන්නේ 2024 අවුරුද්දේ. පළවෙනි සීසන් එකේ තිබ්බේ 1945 අවුරුද්දේ කතාවනේ. ඉතින් ඒ නිසා කාස්ට් එකෙත් වෙනසක් වෙලා තියෙනවා. දෙවෙනි සීසන් එකේ Park Seo Joon, Han So Hee දෙන්නට අමතරව Lee Moo Saeng සහ Bae Hyun Sung දෙන්නා අලුතින් ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා. පළවෙනි සීසන් එක ඉවර වුනේ ගොඩක් ප්‍රශ්න ඉතුරු කරලා කියලා හැමෝටම මතක ඇතිනේ. එහෙනම් 1945 ග්යොන්ග්සොන්ග් වලින්, 2024 සෝල් වලට කතාව සම්බන්ධ වෙලා ගලන් යන්නේ කොහොමද කියලා බලමු.

 

 

Summary – සාරාංශය
         The weight of karma. A fight to end it all.
         “කර්ම බලය මුළුමනින් අවසන් කිරීමට සටනක්”
ජන්ග් හෝජේ.. හෝජේ කියන්නේ බුගන්ග් සමාගමේ උප සභාපති. ඔයාලට මතක ඇතිනේ ටේ සන්ග්ගේ යාළුවා.. ක්වොන් ජුන් ටෙක්ව. ජුන් ටෙක්ගේ මුණුබුරා හෝජේගේ යාළුවෙක්. ඉතින් මේ දෙන්නා තමා බුගන්ග් සමාගම කරගෙන යන්නේ. ඒත් ණය බර හින්දා සාක්ෂි හොයලා දෙන වගේ වැඩත් මෙයාලා කරනවා. ඔන්න ඔහොම එක දවසක් සාක්ෂි අරගන්න කියලා ගියපු තැන තිබිලා මළ සිරුරක් හම්බෙනවා. ඉතින් මේකේ සැකකාරයා විදියට හෝජේව පොලීසියට ප්‍රශ්න කරන්න ගෙනියනවා. තමන් නිර්දෝෂියි නම් ඇත්ත අපරාධකාරයව අල්ලගන්න කියලා ඒ නඩුව භාර පොලිස් නිලධාරියා හෝජේට දවස් දහයක් දෙනවා. ඉතින් මිනීමරුවව හොයන අතරේ හෝජේට යුන් චේ ඔක්ව හම්බෙනවා. හෝජේට තියෙන්නේ ටේ සන්ග්ගේ මූණමයි හින්දා චේ ඔක් දැක්ක ගමන් ගොඩක් පුදුම වෙනවා. පළවෙනි සමයේ අන්තිමේ සෙයිෂින් එයාගේ ඇගේ ඉදපු නජින්ව චේ ඔක්ට දෙනවා ඔයාලත් දකින්න ඇතිනේ. ඒහින්දා තමා චේ ඔක්ට මෙච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන් වුනේ. ටේ සන්ග්ගේ ඇගෙත් නජින් කෙනෙක් ඉන්නවා නම් එයත් තමා ජීවත් වෙනවා ඇති. ඉතින් ජන්ග් හෝජේ කියන්නේ ඇත්තටම ජන්ග් ටේ සන්ග්ද? ටේ සන්ග් නම් දැන් මතකය නැති වෙලාද ඉන්නේ? මතකය නැති වෙන්න හේතු වුන අනතුර මොකද්ද? චේ ඔක්ටයි, ටේ සන්ග්ටයි දෙන්නට ආයේ එකතු වෙන්න පුළුවන් වෙයිද? තාමත් මානව අත්හදා බැලීම් වෙනවද? එහෙනම් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? මේ හැමදේගෙම අවසානය සතුටුදායක අවසානයක් වෙයිද.. දුක්ඛිත අවසානයක් වෙයිද? එහෙනම් මේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Gyeongseong Creature TV S01 & S02 Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-10 ✅

Season 02 (Complete) ✅
Episode 01-07 ✅

Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත..
TMDb Rating 8.1 201 votes
First air date Dec. 22, 2023
Last air date Sep. 27, 2024
Seasons S01 & S02 Complete
Average Duration tt22352854 minutes
Subtitles By
Country
Language

Creator

Cast

Park Seo-jun isJang Ho-jae
Jang Ho-jae
Han So-hee isYoon Chae-ok
Yoon Chae-ok

Video trailer

Similar titles

1000 Babies (2024) TV Season 01 Complete
Hunter – Tootega Nahi, Todega (2023) TV S01 Complete
Teacup (2024) TV Season 01 Complete
Baymax! (TV Series 2022) Complete Season 01
It’s Okay to Not Be Okay (2020) TV Series | Season 01 Complete
The Boys (2024) TV: Season 1 – 04  Complete
Cobra Kai TV Series | Season  S01-06 Complete
Brand New Cherry Flavor (2021) Complete TV Series With Sinhala Sub
Newtopia (2025) TV Series | Season 01 | Complete
The Fragrant Flower Blooms with Dignity (2025) TV Series | S01 EP01- 10 | Incomplete
Resident Playbook (2025) TV Series | Season 01 | Complete
Tale of the Nine Tailed (2020) TV Series Season 01 Complete

(4) comments

  • Ranida October 7, 2024 Reply

    iye venakam idala , download karala venama sub dala baluva . ada thama ubala dala thiyenne

  • Uththara October 8, 2024 Reply

    Love next door, Queen of Tears me drama 2th dannako

  • Uththara October 16, 2024 Reply

    Taxi Driver season 2th dannako

  • Uththara November 2, 2024 Reply

    Ai me famous drama 2 ka thavamath dala naththe. dan godak kalayak ne😔

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published