CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2325 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Virundhu (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Virundhu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 29, 2024India124 Min.
Your rating: 0
7.4 22 votes
Virundhu (2024) | සෙවන් හිල්ස් අභිරහස

 

සෙවන් හිල්ස් අභිරහස
                        ශ්‍රීනිවාසා සර්ජා කිව්වම අවුල් වගේ නේද? හැබැයි “ඇක්ෂන් කිං, අර්ජුන්” කිව්වම නම් නොදන්න කෙනෙක් නැහැනෙ. රංගනය, අධ්‍යක්ෂනය, නිෂ්පාදනය, තිර රචනය, බෙදාහැරීම යන අංග වලින් ඉන්දීය සිනමාවට දායක වෙමින්, චිත්‍රපට 160 කට පමණ තම රංගන දායකත්වය ලබාදුන් මේ ප්‍රවීන රංගධරයාගේ නවතම දමිල සිනමාපටය පසුගිය 2024 අගෝස්තු 29 දින නිකුත්වුනා. ඒ තමයි 9.3/10 ක IMDb අගයකුත් ලබාගන්න සමත්වෙලා තියෙන Action, Mystery,Suspense, Thriller වර්ගයේ ෆිල්ම් එකක් වන Virundhu.මලයාලම් පිටපත නිකුත් වුනේ Virunnu නමින්. අර්ජුන් සුපුරුදු වීරයාගේ චරිතයෙන් රසිකයන් අතරට ආවේ සෑහෙන කාලෙකට පස්සෙ. ඔහුගේ පෙර චිත්‍රපටය වූ 2023 වසරේ නිකුත්වූ තලපති විජේගෙ “ලියෝ” චිත්‍රපටයෙත් අර්ජුන් කලේ දුෂ්ට චරිතයක්. ඉතින් මේ චිත්‍රපටය ඔහුගේ ෆෑන්ස්ලට හොඳ ආරංචියක් වේවි. පැය 2 විනාඩි 5 ක ධාවන කාලයකින් යුතු මෙහි Arjun Sarja (දේවාන්), Nikki Galrani (පර්ල්), Gireesh Neyyar (හේමන්ද්), Hareesh Peradi (ඩේවිඩ් ) සමග මලයාලම් සිනමාවෙන් Baiju Santhosh සහ Aju Varghese රංගනයෙන් දායක වෙනවා.
                          ධනවත් ව්‍යාපාරිකයෙක් වන ජෝන් ඒබ්‍රහම් ගඟකට වැටී අභිරහස් ලෙස මරණයට පත්වෙනවා. පාලම ගාව තිබී ඔහුගේ කාර් එක හමුවුනත්, ඔහුගේ සිරුර සොයාගන්නේ දවස් පහකට පස්සෙ. නමුත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඔහු මිය ගොස් ඇත්තේ දින හතරකට පෙර බවයි. ඒ අනුව එය සැලසුම් සහගත ඝාතනයක් බවට තීරණය වන අතර ඊට මාස කීපයකට පසු ජෝන්ගේ බිරිඳ එලිසබෙතුත් හදිසි අනතුරකින් මිය යනවා. ඇය මිය යන මොහොතේ එතනට එන ආටෝ රියදුරෙකුට ඇය පණිවිඩයක් කියනවා. ඒ ඔවුන්ගේ පවුලේ හිතවතෙක් වන බාලාට. ඇයට කියන්න ලැබෙන්නේ ” හැමදේකටම උත්තර තියෙන්නෙ ‘සෙවන් හිල්ස්’ වල. එහේ.. එහේ තමයි…” යන වචන කිහිපය විතරයි. ඉන් දින කීපයකට පසු ඔවුන්ගේ තරුණ දියණිය පර්ල්ව ඝාතනය කිරීමටත් පිරිසක් උත්සාහ කලත් ඇයව බාලා බේරගන්නවා. ඉතින් මොකක්ද මේ වෙන්නෙ? කාටද මෙයාලව මරන්න ඕනෙ? මොකටද? එතකොට මේ “සෙවන් හිල්ස්” කියන්නෙ මොකක්ද? අර්ජුන් එක්ක ඒ ගැන හොයන්න යන්න ආරාධනා කරමින් නවතින්නම්. විශේෂ කාරණයක් : මේ ෆිලුම බලනකොට දැන් අර්ජුන්ගෙ වයස අවුරුදු 62 ක් කියල නම් මතක් වෙන එකක් නෑ.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Rasika Samanjith (Subzlk)
IMDb 8.3 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Godzilla (2014) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Shivam Bhaje (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ammu (2022) Sinhala Subtitles
Santhosh Subramaniyam (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Lipstick Under My Burkha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
State of Siege: Temple Attack (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flipped (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brothers (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Things Will Be Different (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghoomer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 22, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published