EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageNandhi Varman (2023) | ”සැගවුණු පුරාවෘතයක් සොයා..”
ඔන්න එහෙනම් Thriller film හොය හොය හිටපු අයට එක හුස්මට කිසිම කම්මැලිකමක් නැතුව අග ඉදන් මුලට යනකල්ම කුතුහලයෙන් බලාගෙනම ඉන්න හිතෙන සුපිරියක් අරගෙන ආවා..අනිවාර්යයෙන් හැමෝම මේක බලන්න නැත්තම් ලෝක අපරාධයක්..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
ඔන්න එක ගමක නන්දි වර්මන් කියලා රජ කෙනෙක් අතීතයේ ජීවත් වෙලා තියෙනවා..මේ රජතුමාගේ ජීවත් වෙලා ඉන්න කාලේ නිධානයක් තිබිලා තියෙනවා විහාරස්ථානයක..ඒක දැන් කාලයත් එක්ක සම්පූර්ණයෙන්ම පස් වලින් යටවෙලා ගිහින් තියෙන්නේ..ඔන්න මේක ගැන කැණීම් කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එනවා මේ ගමට..මේ ගොල්ලෝ ආපු ගමන් ගමේ අමානුෂික විදියට මිණීමැරුම් වෙන්න ගන්නවා..ගමේ මිනිස්සු හිතන්නේ ඒ මිණීමැරුම් කරන්නේ අවතාරයක් කියලා..එහෙම වෙන්නේ අර විහාරස්ථානය කැණීම් කරන්න ආපු හින්දා කියලා ගමේ මිනිස්සු මේ කැණීම් කරන එක නවත්වන්න කියලා බල කරනවා..ඉතින් මේ පුරාවිද්‍යා කණ්ඩායමට ආරක්ෂාව සපයන්න ගුරු කියලා පොලිස් නිලධාරියෙක්ව රජය විසින් යොදවනවා..මේ ගුරූ කියන පොලිස් නිලධාරියා මේ මිනීමැරුම් කරන්නේ කව්ද කියලා හොයන්න ගන්නවා..එතකොට එයාට තේරෙනවා මේ මිණීමැරුම් කරන්නේ අවතාරයක් නෙමෙයි කියලා..
මේ සාහසික අපරාධ කරන්නේ කව්ද ????
අවතාරයක්ද නැත්තම් වෙන කවුරු හරිද ????
මේ හැමදේම පිටිපස්සේ සැගවුණු බිහිසුණු රහස මොකද්ද ????
මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම අනිවාර්යයෙන් ෆිල්ම් එක බලන්න..ආයෙත් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක මග ඇර ගත්තොත් ඒක ලෝක අපරාධයක්..
Share
Links
Comments




