CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2060 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 12, 2018India137 Min.
Your rating: 0
10 2 votes
Rangula Ratnam (2018) | දිවි ගමන පිය නගන්නම්..නුඹේ අත අල්ලන්

 

“..මට..මේ ආදරය , විවාහය , සම්බන්ධතා
වගේ දේවල් මොකුත්ම එපා..
මරණයට වඩා මම බය වෙන්නේ
මොකකටද කියල දන්නවද ?..
අපි ආදරය කරන අය
අපිට අහිමිවෙයි කියන එකටයි..”

මෙච්චර ලොකු ලෝකයක අපේ ජීවිතේ කියන්නෙ පුංචිම පුංචි දෙයක් විතරයි.ඒක කොයිවෙලේ නැතිවෙයිද ? කොහොම නැතිවෙයිද ? මේ මොකුත් අපි දන්නෑ..ඒත් ජීවත් වෙලා ඉන්න ටික කාලෙට අපි ඇති කරගන්න සම්බන්ධතා අපි මැරුනත් ජීවත් වෙන තරම් ප්‍රබලයි..
ඉතින් සමහරෙක් සම්බන්ධතා ඇති කරගන්න අකමැති වෙන්න පුලුවන් මොකද  ඒව අපෙන් ගිලිහුනාම ඒක දරාගන්න අමාරු නිසා……

තෙලිඟු සිනමාවට කවදත් ආදරය කරන රසිකයින් හැමෝම සාදරයෙන් පිලිගන්නවා..ඔන්න තවත් ඔබෙන් ගිලිහෙන්න ඉඩ තිබුනු සලරුවකට උපසිරැසියක් අරගෙන තමයි මං ආවේ.අන්තර්ජාලයේ සැරිසරනකොට අහම්බෙන් නෙත ගැටුනු මේ සලරුව ගැන හොයල බලද්දි උපසිරැසියක් නිර්මාණය වෙලා තිබුනෙ නෑ..ඉතින් මං මේක  අරන් බැලුවම හිතට වැදුනු හින්ද ලොකු මහන්සියක් වෙලා තමයි උපසිරස කලේ මොකද කිසිම භාෂාවක උපසිරසක් නොතිබුනු නිසා අසාලිවීමක් තමා කරන්න වුනේ…
Rangula Ratnam  තෙලිඟු සිනමාවට ආදරණීය මතක රැසක් එක්කල 2018 වර්ශයේම ජනවාරි 12 තමා සිනමාවට එක් වෙලා තියෙන්නේ..imdb දර්ශකය තුල 6.1 එකක් අගයකුත්, google පරිශීලකයන්ගේ 85% ක මනාපයකුත් මේ වනවිට මෙයට හිමි වී තිබෙනවා.ඒ වගේම නවක අධ්‍යක්ෂවරියක් වන sreeRanjani ගේ අධ්‍යක්ෂණයෙන් හා Nagarjun Akkineni ගේ නිශ්පාදනයෙන් හැඩ වී තිබෙනවා..

නලු නිලියන් ගැන කතා කරනකොට මං මීට පෙර උපසිරැසි ගැන්වූ Andhhagadu (2017) චිත්‍රපටයෙත්,Lover (2018) වගේ බොහෝ සිනමාපටවල රංගනයෙන් දායක වුනු Raj Tharun තමා ප්‍රධාන නලුවා ලෙස එක්වන්නේ.ඒ වගේම තෙලිඟු සිනමාවෙ දැන් ඉන්න නියම සහය නලුවෙක් වෙන Priyadarshi තමා මේකෙත් ඒ කාර්යය ඉටු කරන්නේ..
ප්‍රධාන නිලියනම් අපිට හුරුපුරුදු කෙනෙක් නෙමෙයි.2017 වර්ශයේ තෙලිඟු සිනමාවට පිවිසිලා සීමිත නිර්මාණය කිහිපයකට පමණක් දායක වී සිටින හැඩකාර පෙනුමකට හිමිකම් කියන Chitra Shukla තමයි මේකේ ප්‍රධාන නිලිය වෙන්නේ..

හරි කතාව පැත්තට හැරුනොත් මෙහෙමයි..විශ්නු කියන්නේ සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්..එයා අම්මා එක්ක ගොඩක් ආදරයෙන් සමීපව ඉන්න කෙනෙක්..අම්මගෙ වැඩේ මෙයාට ගෑනු ලමයි හොයන එක ඒත් මෙයා ගානට පැන ගන්නව ඒවයෙන්..කොහොමහරි මෙයාට විවාහ උත්සවේකදි කීර්ති කියල ගෑනු ලමෙක් දැකල එයාට හිත යනවා..
ඉතින් මෙයා එයාව කලින් නොදැක්කට හම්බෙලා තියෙනවා.කොහොමෙන්හරි කීර්ති ගැන කියනවනම් එයා ලොකු නීති කාරියක්..පොඩිවත් අනතුරක් නොවෙන්න වගබලා ගන්න කෙනෙක්..

ඉතින් මේ කතාවෙ තව ගොඩක් දේවල් සිද්ද වෙනවා.ඒ ඔක්කොම දැන ගන්නනම් අරගෙන බලන්නම වෙනවා.

▪️ සමීපතමයන් අහිමි වී තනි වී සිටින ආදරය , සෙනෙහස අවැසි කොල්ලෙක්…
▪️ ආදර සම්බන්ධතා මේ දේවල් ඇති කරගන්න බයවුනු කෙල්ලෙක්….

කොහොමනම් වෙයිද මේ කතාව..තෙලිඟු සිනමාවට ආදරේ කරන හැමෝටම ආරාධනා කරනවා

Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangula Ratnam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියන්කර (Cinerulk )
IMDb 5.9 /10 133 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Love Hurts (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indru Netru Naalai (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jin-Roh: The Wolf Brigade (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Phone Bhoot (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Om Shanti Om (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Qayamat Se Qayamat Tak (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhanumathi & Ramakrishna (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wish Upon A Unicorn (2020) Sinhala Subtitles
Thiruchitrambalam (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published