EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Wrong Turn 2: Dead End (2007) | බිහිසුණුයි! ගොඩාක් බිහිසුණුයි!

අද බොහොම බිහිසුණු චිත්‍රපටයක් අරගෙන ආව..නමේ හැටියටම මේක අනිවාර්‍ය මරණය ගෙනදෙන චිත්‍රපටයක්..මම කියන්නම්කො කතාව..ඇක්ශන්,ඇඩ්වෙන්චර්,වගේම වේගයෙන් වෙන සිදුවීම් සහිත චිත්‍රපට වලට කැමති අය බලන්න..
මෙන්න කතාව..එක්තරා කාන්තාවක් පාළු පාරක තමන්ගේ වාහනයෙන් ගමන් කරනව..ඇය තරගයක් සදගා සහභාගී වීමටයි යන්නෙ..මේ ගමනෙදී පාර වැරදෙන ඇය ටික දුරක් යද්දි මිනිහෙක් හැප්පෙනව ඇගේ වාහනයට..ඇය වාහනෙන් බැස මේ පුද්ගලයාව පරීක්ශා කරනව..බරපතල විදියට ලේ පෙරාගෙන ඉන්න මේ මිනිහ එක පාරම නැගිලට අර තරුණියගේ බෙල්ල කනව…මේත් එක්කම එතැනට එන තවත් පුද්ගලයෙක් පොරවකින් අර තරුණිය දෙබෑ වෙන්න පහරක් ගසනව..මෙතැනින් තමයි මේ චිත්‍රපටය ඇරබෙන්නෙ..
මම තව පොඩ්ඩක් කතාව කියන්න්ම්කො..මේ තරුණිය යන්න හිටිය තරගය බොහොම විශේශ එකක් එය survivor  තරගාවලියක්..මෙහෙමයි ඒ තරගය පැවැත්වෙන්නෙ..තරගකරුවන් 6 දෙනෙක් කැලයට ගිහින් දානව..ඒ කැලය පුරාම කැමරා සවි කරල තියෙනව..මෙහිදි දින 5ක් සිටින පුද්ගලයා තමයි දිනන්නෙ..මේ තරගය පටන්ගෙන දිනයක් ගතවෙන්නටත් කලින් හැමෝටම තේරෙනව මේ කැලයේ ඔවුන් තනි වෙලා නෑ කියල..අසාමාන්‍ය විදියට ශක්තිමත්,විරූපී,මිනීකන මිනිසුන් පිරිසක් මෙහි ඉන්නව..මොවුන්ගෙන් බේරෙන්න මේ තරගකරුවන්ට හැකි වෙයිද කියල බලන්න ඕන නම් ෆිල්ම් එක බාගමු නේද ඉක්මනටම?

Comments