CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2086 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads
Supreme (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Supreme (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 05, 2016India142 Min.
Your rating: 0
7.8 5 votes
Supreme (2016) | සුපිරි ටැක්සිකාරයා

(Supreme 2016 Sinhala Sub )ආයුබෝවන් යාලුවො හැමෝටම.මේ දිනවල තවමත් ලොව පුරා සිනමාශාලාවල් විවෘත කර සිනමා කර්මාන්තය යලි අරඹන්න නොහැකි තත්වයකුයි උද්ගට්ය වෙලා තියෙන්නෙ..ඉතින් අපිට බලන්න මගහැරුනු අපූරු චිත්‍රපටි කවර් කරගන්න මේක හොඳම අවස්තාවක් කියල හිතනවා..
ඉතින් ඒ වගේ උපසිරැසි නොතිබුනු අපූරු තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි ගන්වල අද මම අරගෙන ආව.
මේ චිත්‍රපටිය තිරගත වුනේ 2016 වර්ශයේ මැයි 5 වෙනිදා.Action | Romance කාණ්ඩයට අයත් මෙය මේ වන විට IMDB දර්ශකය තුල 6ක අගයකුත් , ගූගල් පරිශීලකයන්ගෙන් 88% මනාපයකටත් හිමිකම් කියනවා.ඉන්දියානු රුපියල් කෝටි 15 ක වියදමක් දරා නිපදවූ මෙය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 50ක ආදායමක් ඉපයීමට සමත් වුනා.චිත්‍රපටියේ නිශ්පාදනය කලේ Dil Raju මහතා වන අතර අධ්‍යක්ෂණය Anil Ravipudi මහතාගේ..

චිත්‍රපටයේ රංගන දායකත්වය බැලුවොත් ප්‍රධාන නලුවා ලෙසින් එක් වන්නෙ තෙලිඟු සිනමාවෙ “Supreme Hero ” කියන නමත් මේ චිත්‍රපටිය හරහා පටබැදුනු Sai Dharam Tej විසින්.ඉතින් ඒකෙන්ම පේනවනේ මෙයාව කර්මාන්තය තුල ප්‍රසිද්ධ කරන්න ඉවහල් වුනු චිත්‍රපටයක් තමයි මේක.
ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙන්නේ සුරූපි Rashi Kanna විසින්.ඉතින් ඇය 2014 වර්ශයේ තෙලිඟු සිනමාවට ප්‍රවේශ වෙලා අද දිනට වසර 6ක් සපිරෙනවා..ඉතින් ඒකටත් එක්ක විශේෂයෙන්ම තමා මම අද මේකට උපසිරැසි දෙන්න හිතුවේ.මං කලින් උපසිරැසි කරපු 2019 තිරගත වුනු “Prathi Roju Pandage” චිත්‍රපටිය බලපු අයනම් මේ ජෝඩුව ඒකෙන්  ඉන්නව දකින්න ඇති.
ඉතින් මේ වගේ තව තෙලිඟු සිනමාවේ නිතර දකින්න ලැබෙන හුරුපුරුදු නලු,නිලියො ගොඩක් මෙකෙ රංගනයෙන් එක් වෙනවා..

හරි එහෙනම් මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්..

ජාගෘති අරමුදල..අනන්තපුරම් වල ගොවියන්ගෙ ඉදන් හැම වැසියෙක්ම යැපෙන්නෙ මේ අරමුදල සහ ඊට අයත් ඉඩම් වලින්.මේකෙ වර්තමාන භාරකාරය විදියට වැඩ කරන්නේ නාරායන රාඕ කියල කෙනෙක්.කොහොමෙන්හරි වික්‍රම් සර්කාර් කියන සල්ලි කාරය මෙතන ෆැක්ට්‍රියක් හදන්න බොරු ලියකියවිලි හදලා මේ අරමුදලට අයිතිවාසිකම් කියන්න ගන්නව.ඉතින් උසාවියෙන් තීන්දුව තව මාසෙකින් දෙන්නම් මේක අනන්තපුරම් ජනතාවට අයිති කියල වර්තමා උරුමකාරයින් හොයල ඔර්ජිනල් ලියකියවිලි ඉදිරිපත් කරන්න කියනව , නැත්නම් මේකෙ අයිතිය වික්‍රම් සර්කාර්ට පැවරෙනව කියලා.
ඉතින් සර්කාර් වගේ සල්ලිකාරයෙක් එක්ක හැප්පෙන එකත් ලේසි නෑ..අරමුදලේ සැබෑ වර්තමාන උරුමක්කාරය කොයි වගේද කියලවත් නොදැන නාරායන රාඕ එයාව හොයන්න ගන්නව..

ඉතින් හරිම රසවත් විදියට ඉස්සරහට ගලාගෙන යන මේ කතාවට අපේ සුපිරි ටැක්සිකාරයා සෙට් වෙන්නේ කොහොමද? මොන මොන හැරවුම් අරගෙන කතාව ඉදිරියට යයිද කියල එහෙනම් අරගෙනම බලන්න.

Supreme (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මදුශාන් ප්‍රියන්කර (Cinerulk)
IMDb 6.1 /10 844 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Last Mercenary (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanam Teri Kasam (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tarzan (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Freed (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhilluku Dhuddu 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veerame Vaagai Soodum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Borderlands (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soulmate (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sooryavanshi (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
2018 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Thallumaala (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published