EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageWhich Brings Me to You (2023) | ”අතිනත ගිය පෙම නැවතුණු තැන හිඳ”
කතාවේ ප්‍රධාන චරිත දෙකයි. Screen Time එකෙනුත් සැලකිය යුතු වැඩිම ඉඩක් වෙන්වෙන්නේ මේ දෙන්නට. ඒ තමයි විල් සහ ජේන්. විල් ට ජේන් ව හම්බෙන්නේ විල්ගේ යාළුවෙක්ගේ වෙඩින් එකකදී. දෙන්නා කතාවට වැටෙනවා. ක්ෂණිකව මේ කතාව දුරදිග යනවා. ආය දෙන්නා ඈත්වෙනවා. මද විරාමෙකට පස්සේ දෙන්නා පටන් ගන්නවා එකිනෙකාගේ අතීත ජීවිත කතා ගැන කතාකරන්න. දෙන්නගේ කලින් තිබුණු ආදර සම්බන්ධතා ගැන, ඒවගෙන් ලබාගත්ත දුක සතුට වගේම අත්දැකීම් ගැන මෙයාලා කතාකරනවා. චිත්‍රපටයේ හරි ලස්සනට මේ කාලරාමු එකිනෙක සම්බන්ධ කරලා ප්‍රේක්ෂකයා ඉදිරියේ විචිත්‍රවත් විදිහට පෙන්නුම් කරනවා. අවසානයේ මේ දෙන්නට දෙන්නා මුණගැහෙනකොට දෙන්නටම ආදරේ ගැන එපා වීමක් වගේ හැඟීමක් තමයි තියෙන්නේ. කතාවේ ඉස්සරහට යනකොට මේ අය තම තමන්ගේ සම්පූර්ණ ජීවිත කතාවම එකිනෙකාට නොසඟවා ප්‍රකාශ කරලද එහෙමත් නැත්තම් සමහර සිදුවීම් හංගන්න උත්සාහ කරලද කියන එක අපිට බලාගන්න පුළුවන්. ඒ වගේ තත්වයක් යටතේ මේ පාවෙන ජීවිත දෙක නතර වෙන්නේ කොතැනද කියන එක කතාවේ අවසානයේදී නරඹන්නාගේ දෑස් ඉදිරියේ පිළිඹිබු කරලා තියෙනවා.
ඉතින් ආරාධනා කරනවා රසවිඳින්න මේ අපූරු සිනමාපටය.












