Cast
Go Full Cast PageBharathanatyam (2024) | එක වගේ නිශ්පාදන දෙකක්
මේ කතාවෙ වියපත් දෙමාපිය යුවලක් ඉන්නවා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක්. බොහොම සාමයෙන් ගත කරපු ඔවුන්ට පොඩි කරදරයක් වෙන්නෙ ඒ තාත්තා අසනීප වී එක්තැන් වීමත් සමග. ඒ උනත් දරුවන්ගෙ විය යුතු යුතු කම් මත කිසි අඩු පාඩුවක් නොමැතිව වෙද හෙද කම් හා සැලකුම් ලබද්දී තාත්තා විසින් හෙළි කරන එක් රහසක් නිසා සියල්ල උඩු යටි කුරු වෙනවා. හැම වෙලාවෙම දොරෙන් එබිකම් කරමින් අනෙකාගේ කටයුතු වලට අත පොවන්න උත්සාහ කරන සමාජයකින් මේ රහස රැක ගෙන ඉදිරියට යන්න කරන උත්සාහයත් ඒ හා බැඳුනු අනිත් ප්‍රශ්ණත් මේ කතාවට පාදක වෙනවා.
ක්‍රිශ්ණදාස් මුරලිගේ කුළුඳුල් අධ්‍යක්ෂණයක් වන මෙහි සයිජු කුරුප්, සායි කුමාර්, කලාරංජිණී, ශ්‍රීජා රවි රඟපානවා.
Share
Links
Comments



