EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Gentlemen (2019) | මහත්වරුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම | 18+
චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ කතාවෙ මැද දර්ශනයකින්.ටිකක් වෙනස් විදිහකට තමයි කතාව ගලාගෙන යන්නෙ.කවුද හොද කවුද නරක කියලා ප්‍රේක්ෂකයට එක පාරම අදුනගන්න අපහසුයි මේ ෆිල්ම්එ කේදි,මොකද මේ කතාවෙ වීරයා වගේම දුෂ්ටයා වෙන්නෙත් එක චරිතයක්.
ඉතින් මිකී පියර්සන් කියන මේ ඇමරිකානු ව්‍යාපාරිකයා ගොඩක් සාර්ථක වෙනවා මේ මර්ජුවානා ව්‍යාපාරයෙන්.එයාගෙ මත්ද්‍රව්‍ය ලෝකේ හොදම මත්ද්‍රව්‍ය කියලා තමයි හදුන්වන්නෙත්.කිසි කෙනෙක්ට සම කරන්න බැරි විදිහට කාටවත්ම හොයාගන්න බැරි විදිහට එයා මේ ව්‍යාපාරෙ කරගෙන යනවා.ඒත් කාලයත් එක්ක එයා මේ ව්‍යාපාරෙ විකුණලා සෙල්ලමෙන් අයින්වෙන්න හදනවා.ඒත් එයාගෙ වටේට ඉන්න යාළුවො,හතුරො එක්ක තමයි මේ ඔක්කොම සෙල්ලම් පටන්ගන්නෙ.
මේක අධ්‍යක්ෂණය කරන්නෙ Guy Ritchie. මෙයාගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. Sherlock Holmes,The Man from U.N.C.L.E.,Aladdin..මේවා අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Ritchie තමයි. Matthew McConaughey තමයි මිකීගෙ චරිතෙට පණ පොවන්නෙ. මෙයා තමයි Interstellar, True Detective වගේ සුපිරි ෆිල්ම්වලත් රංගනයෙන් දායක උනේ. Hugh Grant, Michelle Dockery, Charlie Hunnam, Henry Golding, Jeremy Strong ආදි දක්ෂ නළු නිළියන් රැසකගේත් දායකත්වය ලැබෙනවා. Crime/Action ඝනයට තමයි වැටෙන්නෙ.ඒ වගේම 8/10 ක IMDb අගයක ප්‍රතිචාර ලබා දෙන්නත් ප්‍රේක්ෂකයන් අමතක කරන්නෑ.
ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.
Share
Links
Comments
February 21, 2025











