EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageConsecration (2023) | “ශාපය ආශිර්වාදයක් ලෙසින්”
“Consecration” කියන්නේ 2023 අවුරුද්දේ නිකුත් වුණු Horror සහ Mystery කියන ශානරයන් දෙකට අයත් සිනමාපටයක්. IMDb 5.2 ක අගයකුත්, කුණු තක්කාලි 42% ක අගයකුත් ලබාගෙන තියෙන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ක්‍රිස්ටෝපර් ස්මිත් අධ්‍යක්ෂකවරයා විසින්. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 2.4 ක් ලෙස සටහන් වෙන මේ සිනමාපටය කිතුණු කන්‍යාරාමයක් පසුබිම් කරගෙන නිර්මාණය වූවක්.
කතාව දිහාට හැරෙමු.
කතාවේ ප්‍රධාන චරිතයක් තමයි ග්‍රේස්.. ග්‍රේස් කියන්නේ ඩොක්ටර් කෙනෙක්. මෙයා තනියෙන් තමයි ජීවත් වෙන්නේ. දවසක් මෙයාට කෝල් එකක් එනවා මෙයාගේ සහෝදරයා එහෙමත් නැත්තම් මල්ලි මැරිලා කියලා. මෙතන සැකයක් පොලීසියටත් ඉතුරු වෙනවා මේක මිනීමැරුමක්ද එහෙමත් නැත්තම් සියදිවි නසා ගැනීමක්ද කියලා. කොහොමහරි මේ මරණේ සිද්ධවෙන්නේ ස්කොට්ලන්තයට ආසන්න පෞරාණික කන්‍යාරාමයක. ග්‍රේස් සහ ග්‍රේස් ගේ මල්ලි (මයිකල්) කියන දෙන්නම පොඩි කාලේ ගෙදරින් ගොඩක් පීඩාවට පත්වුණ දෙන්නෙක්. ඒ වගේ ප්‍රශ්න මැද මේ දෙන්නා අසරණ වෙලා ඉන්නකොට කන්‍යාරාමයකින් මයිකල් ව භාරගන්න කටයුතු කරනවා. ඒ වගේ පොඩි කාලේ ඉඳන් කන්‍යාරාමයක හැදුණු වැඩුණු මයිකල් අභිරහස් විදිහට කන්‍යාරාමයේදීම මැරිලා තියෙනවා. ඒ දවසෙදීම කන්‍යාරාමයේ තවත් එක පියතුමෙක්වත් මරණයට පත්වෙලා තියෙනවා. කන්‍යාරාමයේ පාලිකාව මේ සිද්ධිය වටින් ගොඩින් හංගන්න උත්සාහ කරනවා. පොලිසිය මේ සිද්ධියට මැදිහත් වෙනවා. ග්‍රේස් කියන්නේ ආගම ගැන එච්චර උනන්දු නැති කෙනෙක් වුණත්, ග්‍රේස් තමන්ගේ මල්ලිගේ මරණේ ගැන හොයන්න මේ කන්‍යාරාමයට යනවා. මයිකල් මැරෙන්න කලින් යම්කිසි ධාතුවක් එහෙමත් නැත්තම් Relic එකක් හංගගෙන තියාගන්න එහෙමත් නැත්තම් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. එතනින් එහාට මොකක් වෙයිද.. මොකක්ද මේ ධාතුව.. ග්‍රේස් කියන්නේ ඇත්තටම කොහොම කෙනෙක්ද.. මයිකල් කියන්නේ ඇත්තටම කොහොම කෙනෙක්ද.. අවසානය කොහොම එකක් වෙයිද.. කියන ප්‍රශ්න හතරට උත්තර ඔයාට මේ පැයයි මිනිත්තු තිස්එක අවසානෙදී දැකගන්න ලැබෙනවා.
Cast එක ගැන බලමු.
Jena Malone කියන ඇමරිකානු රංගන ශිල්පිනිය තමයි ග්‍රේස් චරිතයට පණපොවන්නේ.. ඒ වගේම Steffan Cennydd මයිකල් ගේ චරිතයටත්, Danny Huston රොමේරෝ පියතුමාගේ චරිතයටත්, Janet Suzman පාලිකාව (Mother Superior) චරිතයටත්, Thoren Ferguson ඩී.සී.අයි හැරිස් ගේ චරිතයටත් රංගනයෙන් දායක වෙනවා.
Horror චිත්‍රපට වලටම වෙන්වුණු ඒ අඳුරු මලානික Vibe එක ඔස්සේ මේ ලස්සන කතාව රසවිඳින්න හැමෝටම ආරාධනා කරනවා.







