EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bhoot: Part One – The Haunted Ship (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBhoot: Part One – The Haunted Ship (2020) | හදිසියේ මතු වූ නෞකාව…
මීරා!
පුංචි බෝනික්කි…
අද මීරගෙ තුන් වෙනි උපන් දිනේ.
මීරගෙ තාත්තගෙ නැවේ
ලොකු පාර්ටියක්.
හරි ලස්සන කේක් එකකුත්
කපන්නයි ලෑස්තිය.
හැමෝම එක එක තැන්වල නටනවා…
පුංචි මීරා බෝනික්කත් එක්ක
තනියම වාඩි වෙලා බලන් ඉන්නවා.
ඔන්න එක පාරටම…
පල්ලෙහා තට්ටුවෙන් සද්දයක්!
කවුදෝ අත්පුඩි ගහනවා.
මට සෙල්ලම් කරන්න
අලුත් යාලුවෙක්වත්ද?
සද්ද නැතුව වටපිට බලපු මීරා
හොරෙන්ම පහලට බහිනවා.
අලුත් යාලුවත් එක්ක
සෙල්ලම් කරනවා.
එක පාරටම මේ යාලුවා
මීරාව උඩට උස්සල බිමින් තියනවා…
ආයෙත් උඩට උස්සල බිමින් තියනවා…
මීරාට හරි සතුටුයි.
හදිසියෙම මීරගෙ අතේ හිටිය
බෝනික්කා බිමට වැටෙනවා.
බෝනික්කව අහුල ගන්න
පාත් වුන මීරව…
කවුරුන් හෝ…
අඳුරට ඇදගෙන යන්නෙ…
කිසිවකු නොදැනමයි.
SS Vaitarna නම් වාශ්ප නෞකාව 1888 වසරේ නොවැම්බර් මාසයේ 8 වෙනිදා මුම්බායෙන් පිටත්ව ගුජරාටියේ ද්වාරකා හරහා පෝර්බන්දර් කරා ගමන් අරඹනවා. ගුජරාටියේ ටයිටැනික් නෞකාව ලෙස හඳුන්වන එම නෞකාව අධි සුඛෝපබෝගී වූ අතර එහි මගීන් 750පමන සිටි බව සඳහන් වෙනවා. ද්වාරකා හි නැංගුරම් ලාන නෞකාව අයහපත් කාලගුනය නිසාවෙන් නැවතත් මුම්බායි කරා ගමන් කරනවා. කොහොම වුනත් එම නෞකාවට නැවත හිරු එලිය දකින්න ලැබෙන්නෙ නෑ. ගමනාන්තයට පැමිනීමට පෙර රාත්‍රියේ සුළි කුණාටුවකට හසුවන නෞකාව මැන්ග්‍රෝල් වෙරලට කිලෝමීටර් 20ක් නුදුරින් මුහුදේ ගිලී යනවා. ඊට වසර 123කට පසුව 2011දි මේ නැව ජුහු වෙරල ආසන්නයේ දිස් වෙනවා. එහෙත් එම නැව නැවතත් අද්භූත ලෙස නොපෙනී යනවා.
SS Vaitarna නැව පදනම් කරගෙන නිපදවුනු මේ චිත්‍රපටිය පෙබරවාරි මාසෙ 21 වෙනිද තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Bhanu Pratap Singh. විකී කෞශාල් සමගින් භූමි පද්නෙකර් සහ අශුතෝශ් රානා රංගනයෙන් දායක වෙනවා. නිෂ්පාදනය ධර්මා ප්‍රඩක්ශන් සමගින් සී ස්ටුඩියෝව. හැබැයි අපිට පුරුදු ධර්මා ප්‍රඩක්ශන් එකෙ තේමා සංගීතය කුච් කුච් හෝතා හේ සංගීතය එක පාරටම හොල්මන් නැවක් මැද්දෙන් මතු වෙනකොට, ලෝගෝ එක හොල්මන් විදිහටම නැවෙ මැද්දෙ කොටල තියෙන එකයි නම් ටිකක් අමුතුයි වගේ දැනෙනවා.
ඒ වගේම ආදායම් අතින් නම් එච්චරට සාර්තකත්වයක් ලබන්නෙත් නෑ. මුල් දින ප්‍රදර්ශනයෙන් කෝටි 5ක ආදායමක් ලබනවා. ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 40.94ක මුලු ආදායමක් තමයි ලබාගන්නෙ.
ඉතින් හොඳට බය වෙන්න පුලුවන් චිත්‍රපටියක්. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා.












