CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
965 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Tokyo Godfathers (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tokyo Godfathers (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 05, 2003Japan92 Min.
Your rating: 0
9 1 vote
Tokyo Godfathers (2003) | වීදි දෙව්පියවරුන්ගේ වික්‍රමය

 

 

ඇත්තෝ හෝ නැත්තෝ වේවා ඇනිමෙ රසිකයො හැමෝටම සුභ නත්තලක් කියලා මුලින්ම පතන ගමන්, ඒ නත්තල වෙනුවෙන්ම තෑග්ගක් අරන් එන්න මම හිතුවා. ඇනිමෙ චිත්‍රපටයක් මේකට හොඳම තේරීමක් වෙන නිසා, නත්තල් පසුබිමක් ඇසුරු කරගත්තු චිත්‍රපටයක්ම ඔයාලගෙ ඇනිමෙ ෆැන්ටසියට අරන් එන්න තෝරගත්තා. ඒ වගේම මේ චිත්‍රපටය ප්‍රචණ්ඩත්වයන්, අද්භූත සිදුවීම් වගේම ක්‍රියාදාමයන් මොකුත් නැති අද වර්තමානයේ සිද්ධ වෙන සුලභ සිදුවීමක් අල්ලලා නිර්මාණය කරපු කතාවක්. විශේෂයෙන්ම ජපානයේ සුලභව සිද්ධ වෙන දෙයක්. ඒ මොකක්ද? අපි බලමු ඒ මොකක්ද කියලා.

Perfect Blue (1997), Millennium Actress (2001), Paprika (2006) යන ඇනිමෙ චිත්‍රපට සහ Paranoia Agent (2004) යන ඇනිමෙ කතා මාලාව නිර්මාණය කරපු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්, තිර රචකයෙක් සහ මන්ගා රචකයෙක්ද වෙන Satoshi Kon සෙන්සේ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙනවා. 2003 වසරෙදි නිකුත් වුනු Tokyo Godfathers නම් මේ ඇනිමෙ චිත්‍රපටය Madhouse Studio හි නිර්මාණයක් වෙනවා. පැය 1 මිනිත්තු 32 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය christmas tragicomedy adventure චිත්‍රපටයක් වෙමින් Action, Drama, Comedy යන Genre වලට අයත් වෙනවා. චිත්‍රපටය IMDB දර්ශකයේ 7.8 ක අගයකුත්, MyAnimeList දර්ශකයේ 8.28 අගයකුත් සහ Rotten Tomatoes හි 92% ක අගයකුත් මේ Tokyo Godfathers චිත්‍රපටය ලබාගෙන තියෙනවා.

එමෙන්ම 2004 වසරෙදි Tokyo Anime Award හිදී Best Director, Best Art Direction Film Category, Domestic Feature Film Category යටතේත්, Mainichi Film Concours හිදී Best Animated Film යටතේත්, Neuchatel International Fantastic Film Festival හිදීත් සහ Sitges-Catalonian International Film Festival හිදී ජයග්‍රහණ ලබන්නත් Italian Online Movie Awards හිදී නාම යෝජනා ලබන්නත් මේ Tokyo Godfathers ඇනිමෙ චිත්‍රපටය සමත් වී තිබෙනවා.

මේ කතාව නත්තල් පසුබිමක් මත දිවෙන කතාවක්. ජේසුස් වහන්සේගේ ගුණ ඇහෙන හැම තැනම හිම වැටෙන නත්තලේ ලකුණු දකින්න අහන්න ලැබෙන කාලයක්. මේ කාලයේ හැමෝම තමන්ගේ ආදරණීයන් එක්ක සතුටින් ඉන්න කාලයක්. ඒ අතරේ තමන්ගෙ ආදරණීයන් එක්ක ඉන්න විදිහක් නැති, සල්ලිත් නැති කොටින්ම ඉන්න තැනක්වත් නැති අයත් ඒ අතරේ නැතුවාත් නෙමෙයි. තමන්ගේ දුව සහ බිරිඳව අත් ඇරලා ඇවිත් වීදි ගානෙ ඉන්න සල්ලි නැති කෙනෙක් තමයි “ගින්”. ඒ වගේම එක්තරා සිදුවීමක් නිසා තාත්තත් එක්ක උරණ වෙලා ගෙදරින් ආපු කෙනෙක් තමයි “මියුකි”. සමාජ ශාලාවක සිංදු කියපු, එක්තරා සිදුවීමක් නිසා ඒ රස්සාවෙන් අයින් වුනු කෙනෙක් තමයි “හනා”. මෙන්න මේ තුන් දෙනාම මම කලින් කිව්වත් වගේ ඉන්න තැනක් නැති, සල්ලිත් නැති, කන්න බොන්නත් නැති, මොකක් හරි දෙයක් නිසා තමන්ගේ ආදරණීයන් ගාවට යන්න බැරි අයාලේ යන තුන් දෙනෙක්. දවසක් මේ වගේ ඉබාගාතේ යන අතරේ කුණු ගොඩක තියලා ගියපු බබෙක්ව මෙයාලට හම්බ වෙනවා. බබාත් එක්කම විස්තර වගයකුත් එක්ක තමයි බබාව දාලා ගිය අය ඒක කරල තියෙන්නෙ. ඉතින් මේ තුන් දෙනා බබාව අයිතිකාරයා ළඟට හොයාගෙන යන්න තීරණය කරනවා.

ඒත් මතකයිනේ, මෙයාලා ඉන්න තැනක් නැති, සල්ලිත් නැති අයාලේ යන අය. ඉතින් කොහොමද බබෙක්ව බලාගන්නෙ වගේම බබාව දෙමව්පියන් ගාවට අරන් යනකල් ඒ ඒ දේවල් බලා ගන්නෙ? මෙයාලට තියෙන ප්‍රශ්න මදිවට එන ලොකුම ප්‍රශ්නෙ තමයි ඒක. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක මෙයාලා බබාව දෙමව්පියො ගාවට අරන් යාවිද? බබාගේ දෙමව්පියො මේ තුන්දෙනාට හොයාගන්න ලැබේවිද? මේ දේවකාරියක් බඳු වුනු රාජකාරිය මේ තුන් දෙනා කරන්නෙ කොහොමද? ඒ අතරේ මේ තුන් දෙනාට පාරට එන්න වුනේ ඇයි? මෙයාලගෙ ආදරණීයන් ගාවට ආපහු යන්නත් මෙයාලට අවස්ථාවක් ලැබේවිද?

අභියෝග රැසක් මැද යන වීදි සරනා තුන් දෙනෙකුගේ වික්‍රමයක් විදිහට මේ ඇනිමෙ චිත්‍රපටයක්. මම මුලදීම සඳහන් කලා මේක නත්තල වෙනුවෙන් අරන් ආපු කතාවක් කියලා. ඒ වගේම මේ චිත්‍රපටයේ ඉන්න තුන් දෙනාට මුහුණ දෙන්න වෙන්නෙ ජපානයේ සිද්ධ වෙන කාගේත් සිත්පිත් උණු වෙන සුලභ සිදුවීමකට කියලත් මං කිව්වා. ඉතින් ප්‍රචණ්ඩකාරී දේවල් වගේම භයානක දේවල් කොහෙත්ම අඩංගු වෙන්නෙ නැති පවුලේ හැමෝටම වුනත් එකට ඉඳන් නරඹන්න පුලුවන් විදිහේ කතාවක්. නරඹන්න එහෙනම් මේ චිත්‍රපටය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් හමුවෙනකල් හැමෝටම Merry Christmas වගේම Happy Anime!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ලංකන් Weebs (Baicopelk)
IMDb 7.8 /10 49,362 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Satoshi Kon
Director

Cast

Aya Okamoto isMiyuki (voice)
Miyuki (voice)
Yoshiaki Umegaki isHana (voice)
Hana (voice)
Tohru Emori isGin (voice)
Gin (voice)
Satomi Korogi isKiyoko (voice)
Kiyoko (voice)
Ryūji Saikachi isRoujin (voice)
Roujin (voice)
Kyôko Terase isSachiko (voice)
Sachiko (voice)
Rikiya Koyama isShinrou (voice)
Shinrou (voice)
Hiroya Ishimaru isYasuo (voice)
Yasuo (voice)
Koichi Yamadera isTaxi Driver (voice)
Taxi Driver (voice)

Similar titles

The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mister Mummy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The King of Kings (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ruslaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tantiram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangkok Breaking: Heaven and Hell (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kakuda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published