CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
Kaala Paani (2023) TV Series | Season 01 | Complete

Kaala Paani (2023) TV Series | Season 01 | Complete

Oct. 18, 2023
Your rating: 0
8.1 11 votes

TV Series Info

 

‘කාලා පානී’ යන්නෙහි සරල සිංහල තේරුම නම් ‘කලු ජලය’ වගේ ඒකක්. ටිකක් බැරෑරුම්, දාර්ශනික තේරුමක් අවශ්‍ය නම් අපිට කියන්න පුලුවන් ‘සාපලත් ජලය’ වගේ එකක්. මේ කාතා මාලාව නරඹද්දි ඔබට වැටහේවී ‘කාලා පානී’ නමින් කතාව නම් කරන්න හේතුව.

2023 වසරේ ඔක්තෝබර් 18 වෙනිදා Netflix හරහා නිකුත් වුනු මේ ‘කාලා පානී’ කතා මාලාව පැයක පමණ කොටස් (Episodes) 7 කින් පමණක් යුක්තයි. ඉක්මනින්ම බලලා ඉවර කරන්නත් පුලුවන් හින්දා මේ නත්තල් නිවාඩුවේ නරඹන්න යමක් සොයමින් සිටි ඔබට හොඳම තේරීමක් වේවි ‘කාලා පානී’.

Survival Drama, Mystery, Thriller කියන වර්ගීකරණයන්ට වැටෙන ‘කාලා පානී’ කතා මාලාව සමීර් සක්සේනා සහ අමිත් ගොලානී දෙපළගේ අධ්‍යක්ෂණයක්. IMDB දර්ශක අගය 8/10ක් ලෙසත්, 4.5 ක Google Rating අගයකුත්, Rotten Tomatoes හී 77% ක අගයකුත් ලබාගෙන ඉතා ඉහළ විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා තිබීමෙන්ම ඔබට ‘කාලා පානි’ කතා මාලාවේ ගුණාත්මක බව ගැන නරඹන්න කලින් දළ අදහසක් ලබා ගන්න පුලුවන්. නැරඹීමෙන් පස්සෙ වැටහේවී ඒ ප්‍රතිචාර කෙතරම් සාදාරණද යන වග.

කතා මාලාවට ප්‍රමුඛ රංගනයෙන් දායක වෙනවා සුකාන්ත් ගොයෙල්, අරුෂි ශර්මා, මෝනා සින්ග්, රාධිකා මෙරෝහ්ත්‍රා, අමේ වාග්, විකාස් කුමාර් සහ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ද වෙන අශුතෝෂ් ගෝවාරිකර් ඇතුළු විශිෂ්ඨයින් පිරිසක්. මොවුන් කිසිවෙක් රංගනයේ ආදුනිකයින් නොවුනත් බොහෝ අයගේ නම් ඔබට ආදුනික වෙන්න පුලුවන් සමහරවිට මොවුන් මහා ප්‍රසිද්ධ රංගන තරු නොවෙන නිසාවෙන්. ‘කාලා පානී’ වෙබ් කතා මාලාවට ලැබිය යුතු නිසි අවධානය නොලැබෙන්නත් සමරවිට ඒ්ක හේතුවක් වෙන්න ඇති. ඒ් සියල්ල කෙසේ වෙතත් මම ඉතාම වගකීමෙන් කියනවා ‘කාලා පානී’ කියන්නෙ ඉන්දියාවෙන් බිහි වුනු හොඳම වෙබ් කතා මාලාවක් බව සහ ‘කාලා පානී’ නැරඹීමට වැය කරනා කාලය ගැන ඔබ කිසිසේත්ම පසු නොතැවෙනු ඇති බව.

මේ ‘කාලා පානී’ කතාන්දරය ගෙතෙන්නේ ඉන්දියාව යටතේ පාලනය වෙන අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව. ඉන්දියානු ප්‍රධාන භූමියේ සිට දළ වශයෙන් කිලෝ මීටර් 1200 ක් පමණ ඈතට වෙන්න බෙංගාල බොක්කට නැගනහිර දෙසින් පිහිටි මේ අන්දමන් සහ නිකොබාර් දූපත් කියන්නේ ප්‍රමාණයෙන් කුඩා වුනත් වසර දහස් ගණනකට ඈතට විහිදෙන ඉතාම ‌‌ඓතිහාසික වටිනාකමක් සහිත භූමියක්. ප්‍රධාන වශයෙන්ම උතුරු ප්‍රදේශය අන්දමන් දූපත් ලෙසත්, දකුණු ප්‍රදේශය නිකොබාර් දූපත් ලෙසත් හැදින්වෙනවා. මේ අන්දමන් සහ නිකොබාර් හී විශාලම නගරය වගේම අගනගරය වන ‘පෝර්ට් බ්ලේයර්’ මැදි කරගෙන තමයි ‘කාලා පානී’ කතාන්දරය ගෙතෙන්නේ.

හොඳයි, ‘කාලා පානී’ නිර්මාණාත්මක වටපිටාව එහෙමයි. කතාන්දරය ගැනත් කෙටියෙන් යමක් කියන්නම් කිසිම විදියකින් රසවින්දනයට බාදාවක් නොවන්න. මේ අන්දමන් සහ නිකොබාර් හී ‘පෝර්ට් බ්ලේයර්’ (Port Blair) නගරය කියන්නේ නිවාඩු සමයට විශාල සංචාරක ආකර්ෂණයක් ලැබෙන සංචාරක ගමනාන්තයක්. ඉතින් හැම අවුරුද්දෙම වගේ 2027 අවුරුද්දෙත් දෙසැම්බර් මස අවසාන සතිය වෙද්දි මේ ‘පෝර්ට් බ්ලේයර්’ සංචාරකයන්ගෙන් පි‍රෙන්න ගන්නවා. නිවාඩුව සතුටින් ගතකරන්න වගේම ‘ස්වරාජ් මහෝත්සව්’ නමින් පැවැත්වීමට නියමිත සැණකෙළිය නරඹා විනෝද විමේ අරමුණත් ඇතිවයි ඒ් සංචාරකයන් මේ නගරයට එන්නේ.

සියල්ල ඒසේ වෙමින් තිබියදී හඳුනා නොගත් වෛරස් රෝගී තත්ත්වයක් නිසාවෙන් රෝහල් ගත කෙරුනු රෝගීන් 11 දෙනෙක් ගැන පරීක්ෂණ කරමින් ඉන්න ‘පෝර්ට් බ්ලේයර්’ රෝහල් ප්‍රධානී Dr. සින්ග් යම් යම් කරුණු නිසාවෙන් ඉවෙන් මෙන් තේරුම් ගන්නවා වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් මෙම වෛරසය නිසා මුලු මහත් නගරයම ඉතාම දරුණු ඉරණමකට ගොදුරු විය හැකි බව. ඇයගේ අදහස වෙන්නේ මේ වෛරස් රෝගී තත්ත්වය ගැන ජනතාව දැනුවත් කර ‘ස්වරාජ් මහෝත්සව්’ සැණකෙළිය අවලංගු කළ යුතු බව. නමුත් ඉන් අහිමි වෙන ධනස්කන්දය ගැන හිතන බලධාරීන් රෝහල් ප්‍රධානියා ලවා ‘ස්වරාජ් මහෝත්සව්’ උත්සවයට අනුමැතිය ලබා ගන්නවා පමණක් නොවෙයි රෝහල් ගතව සින්ග් ගේ නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ගත් වෛරස් රෝගීන් 11 දෙනාවත් රෝහලෙන් ටිකට් කපා ගෙදර පිටත් කර හරිනවා. එතනින් එහාට තමයි කතාන්දරේ පටන් ගන්නේ… සියල්ල උඩු යටිකුරු වෙන්නේ.

මේ වෛරසය මොකක්ද? අර රෝගීන් 11 දෙනාගෙ ඉරණම මොකක් වේවිද? 11 දෙනෙක්ගෙන් මේක නවතීවිද? කොහොමද මේක මිනිස්සු අතර පැතිරෙන්නේ? මේ වෛරසයට ප්‍රතිකාරයක් තියෙනවාද? මිනිස්සු මේ ව්‍යසනයෙන් කොහොම බේරෙයිද? මේ වගේ අසාමාන්‍ය තත්ත්වයක් යටතේ සාමාන්‍ය ජනතාව කොහොම හැසිරෙයිද? ධනය බලය හිමි ප්‍රභූ පන්තිය කොහොම හැසිරෙයිද? මේ සියල්ල පිටිපස්සෙ ක්‍රියාත්මක වෙන අදිසි හස්තයක් තියෙනවාද? ප්‍රශ්න අටෝරාශියක් තියෙනවා, ඒ් හැම ප්‍රශ්නයකටම පිළිතුරුත් මේ කොටස් 7 ඇතුළේ තියෙනවා වගේම කතා මාලාව අවසන් වෙන්නෙත් තවත් අලුත් ප්‍රශ්න ටිකක් නිර්මාණය කරලා. ඒ් ප්‍රශ්නවලට උත්තර දෙන්න මෙහි දෙවන කතා සමයක් නිර්මාණය වීමට නියමිත බවත් දැනට නිළ වශයෙන් නිවේදනය කරලා තියෙනවා.

මම කතාවෙ පටන් ගැන්ම ගැන මතුපිටින් අදහසක් දුන්නා විතරයි. කතාවේ චරිත ගැන මුකුත්ම කීවේ නෑ. මේ කතාන්දරය විශිෂ්ඨ වෙන්නේම මෙහි එන චරිතවල ස්වභාවය සහ කතාන්දරය ආරම්භයේ පටන් අවසානය දක්වා ඒ් ඒ් චරිත විකාශනය වෙන විදිය නිසාමයි. පටන් ගද්දි හිටපු එයාමද මේ අවසානයේ ඉන්නෙ කියලත් ඔබට හිතෙයි බොහෝ චරිත විකාශනය වෙන හැටි බලාගෙන ඉද්දි. ඒ් වගේම නැවතත් මම වගකීමෙන් කියනවා, ‘කාලා පානී’ කියන්නේ එක හුස්මට බලලා ඉවර කරන්න ඔබව පොළඹවන සහ ඔබේ කාලයට 100%ක සාදාරණයක් කරන වෙබ් සීරීස් ඒකක්. අනිවාර්යෙන්ම නරඹන්න! නරඹා අවසානයේ ඔබේ අදහසත් ලියන්න.

Kaala Paani (2023) TV Series | Season 01 | Complete
Kaala Paani (2023) TV Series | Season 01 | Complete
Kaala Paani (2023) TV Series | Season 01 | Complete
Episode Info Season 01 (Complete) ✅
Episode 01-07 ✅
TMDb Rating 7.382 34 votes
First air date Oct. 18, 2023
Last air date Oct. 18, 2023
Seasons S01 Complete
Average Duration Season 01 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත. minutes
Subtitles By
Country
Language

Creator

Cast

Ashutosh Gowariker isZibran Qadri
Zibran Qadri
Sukant Goel isChiranjeevi
Chiranjeevi "Chiru" Prabhu
Amey Wagh isKetan Kamat
Ketan Kamat
Vikas Kumar isSantosh Savla
Santosh Savla
Arushi Sharma isJyotsna Dey
Jyotsna Dey
Chinmay Mandlekar isDr. Shashi Mahajan
Dr. Shashi Mahajan
Aradhya Ajana isVidisha Savla
Vidisha Savla

Video trailer

Similar titles

Vikings: Valhalla (2024) S01-03 Complete
Alice in Borderland (2022) TV  Complete Season 01 | 02  | සිංහල උපසිරැසි සමඟ
Avatar: The Last Airbender (2024) TV S01 Complete
Dabba Cartel (2025) TV Series | Season 01 | Complete
Pachinko (2022) TV | Season 01 Complete
The Mandalorian (2019) TV S01-S03 Complete
Citadel (2023) TV Season 01 EP 01-06 [Complete Season 01]
The Worst of Evil (2023) TV Series  | S01 Complete
Newtopia (2025) TV Series | Season 01 | Complete
Hunter with a Scalpel (2025) TV Series | S01 Complete
Guns & Gulaabs (2023) TV S01 Complete
Horimiya: The Missing Pieces (2023) TV S01 Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published