EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Identity (2025) | හඳුනාගැනීම

 

ආයුබෝවන්. ඔන්න එහෙනම් සේරම බලා ගෙන හිටපු 2025. ජනවාරි 31 දින නිකුත් කරපු නවතම චිත්‍රපටයෙ උපසිරැසිය රැගෙන එනවා. ටොවිනෝ තෝමස් එක්ක action thriller film එකක් එනවා කියන්නෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ? මේක තරමක් දිග (විනාඩි 158ක්) චිත්‍රපටියක්.

ඉතිං පටන් ගැන්මෙදි නම් මේකෙ එහෙන් මෙහෙන් සිද්ධි කීපයක් පෙන්නලා ප්‍රේක්ෂකයො ටිකක් කරකවලා අතඇරලා තමයි ඒ සිද්දි එකට ගැට ගහල මැද භාගය වෙන කතාව පටන් ගන්නෙ. ඒ නිසා දිග උනාට ඉවසීමෙන් බලා ගෙන යන කොට මේක සම්බන්ධව කුතුහලය වැඩි වෙලා කිසි කම්මැලි කමක් නැතිව ඉවර වෙනකල් බලන්න පුළුවන් වෙයි.

අනන්‍යතාව කියන්නෙ ඕනෙම කෙනෙකුට වැදගත් දෙයක්. කෙනෙක් හඳුන ගන්න මිනිහෙක්ගෙ තියෙන ප්‍රධානම අවයවය තමයි මුහුණ. මිනිහෙක්ගෙ මුහුණක තියෙන ඒ පුද්ගලයාට ආවේණික ලක්ෂණයක් හෝ ලක්ෂණ කිහිපයකින් තමයි ඔහු වෙනත් කෙනෙක් ගෙන් වෙන් කර හඳුන ගන්නෙ. ඒ නිසා අපරාධ ක්ෂේත්‍රයන්හිදි මුහුණ ඉතා වැදගත් වෙනවා. කෙනෙක්ගෙ හඳුනා ගැනීම උඩ තමයි ඕනෙම සිද්ධියක් රඳා පවතින්නෙ. ඉස්සර ඉඳල මේ හඳුනා ගැනීම සඳහා මතකය ඇසුරින් දළ සටහන් ඇඳල අවශ්‍ය පුද්ගලයා මතු කර ගන්න ක්‍රම භාවිතා කරනවා. අද නම් ඒ සඳහා නවීන තාක්ෂනය යොදා ගන්න පුළුවන්. ඒත් යම් සිද්ධියක් නිසා කෙනෙකුට මුහුණු මතකයේ රඳවා ගැනීමට අපහසු මානසික තත්වයක් ආවොත්?. මේ කතාවත් ඊට සම්බන්ධයි. ඒ වගේම කෙනෙකුගෙ නම කියන දේ මත අනන්‍යතාව රැඳෙන්නේ කොහොමද?

මේ ටිකත් එක්ක ලස්සන කතාවක් ගලා ගෙන යනවා. සොහොයුරෙක් සහ සොහොයුරියන් දෙදෙනෙකු මුහුණ දෙන අත් දැකීමක් සම්බන්ධයෙන්.

ටොවිනො තෝමස්, ට්‍රිශා ක්‍රිශ්ණන් යුගලය සමග, විනේ රායි,අජු වාර්ගීස්,සයිජු කුරුප්, මන්දිරා බේඩි, අර්ජුන් රාධක්‍රිශ්නන් සහ ශම්මි තිලකන් වැනි තරු රැසක් මේකෙ රඟපානවා. අකිල් පෝල් සහ අනාස් ඛාන්ගෙ අධ්‍යක්ශණයක්. එහෙනම් උණුසුමේම මේක නරඹන්න.

Comments

February 3, 2025

❤️👍

June 28, 2025

Dn me films ekkwath pennan nhne. Ai a