EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Demon City (2025) | “පළිගැනීමේ වියරුව”

 

ෆිල්ම් එකේ නම තමා Demon City. එතකොට මේ ෆිල්ම් එක පෙබරවාරි 27 වෙනිදා තමා Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ. සරළවම කිව්වොත් ගහගැනිලි මරාගැනිලි තමා වැඩියෙන්ම තියෙන්නෙ.. “ලේ විතරයි” එක හුස්මට ආසාවෙන් බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක Action, Thriller, Horror, Supernatural වර්ගීකරණයන්ට අයිතියි. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Seiji Tanaka. ප්‍රධාන චරිතයෙන් Ikuta Toma දායක වෙන අතර Higashide Masahiro,Tanaka Miou, Touma Ami, Suruga Taro, Kiryuu Mai, Takenaka Naoto, Otoo Takuma, Takashima Masanobu යන අය සහය චරිත වලින් රංගනයෙන් එකතුවෙනවා.

කතාව මොන වගේද කිව්වොත්..

සකාටා කියන්නෙ ඝාතකයෙක්.. මෙයා ඒ හැමදේම අතෑරාල වෙන රස්සාවක් හොයාගන්න යනකොට සාහසිකයො පිරිසක් එයාගෙ පවුලෙ අයව මරලා දානවා.. එයා ඒ වෙනුවෙන් පළිගන්නවා. ඉතින් ඒ පළිගැනීම තමා කතාව වටා ගෙතෙන්නෙ.

එහෙනම් ෆිල්ම් එක ඔයාලත් බලන්න.

Comments

March 3, 2025

❤️👍