EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dragon (2025) | “ ඩ්‍රැගන් ”

 

මේක නම් මිස් කරගන්න එපා 

ඔන්න අද උදේ Netflix හරහා ඔරිජිනල් Web පිටපත් නිකුත් වෙලා තිබුන තවත් සුපිරි දමිළ චිත්‍රපටියක් අරගෙනයි මං සයිට පැත්තට ගොඩ වුනේ.. 2025 පෙබරවාරි 21 දින තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Romance & Comedy කියන කැටගරියට.. ඇත්තටම ගොන් ජෝක් නම් තිබුනෙම නෑ.. පටන් ගත්ත වෙලාවේ ඉදන් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අර්ථවත් චිත්‍රපටියක් මේක.. මේක මේ වෙනකොට ඉන්දියානු රුපියල් කෝටි 100 ට වැඩි ආදායමක්‌ ලබාගෙන තියෙනවා වගේම.. ප්‍රදීප් රංගනාතන්ගෙ පලවෙනි චිත්‍රපටය වූ Love Today 2022 හා දෙවනි චිත්‍රපට වූ Dragon 2025 චිත්‍රපටය යන දෙකම මෙහෙම කෝටි 100 වාර්තාව අභිබවා යාමත් ඔහුගේ සිනමා දිවියේ ඔහු ලබපු ජයග්‍රහණයක්‌ ❤️ මේක අධ්‍යක්ෂණය කරන්නේ Ashwath Marimuthu කියන අධ්‍යක්ෂකවරයා විසින් වගේම තිර රචනයත් ඔහුගේ.. ඒවගේම 2020 ආපු විජේ සේදුපති රංගනයෙන් දායක වුන Oh My Kadavule චිත්‍රපටියත් මෙතුමාගේ…

භාෂාව – දමිළ
තිර කාලය – මිනිත්තු 155

Pradeep Ranganathan – ඩ්‍රැගන් ලෙසින්
Anupama Parameswaran – කීර්ති ලෙසින්
Kayadu Lohar – පල්ලවී ලෙසින්
Mysskin – මයිලවාගනන් ලෙසින්

කතාව පැත්තට ගියොත්,

ඩී රාගවන් කියන්නෙ ඉස්කෝලේ කාලේ හොදට ඉගෙනගන්න පුළුවන් කොල්ලෙක්.. මෙයා ඉස්කෝලේදි දවසක් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න අහනවා.. එයා රාගවන්ට බෑ කියනවා සහ කෙල්ලෝ කැමති Bad boys ටයිප් අයට කියනවා.. ඔන්න ඔතනින් පස්සේ තමයි D. Ragavan ඩ්‍රැගන් විදියට වෙනස් වෙන්නෙ.. පොර කැම්පස් එකේ අමු මදාවියා.. කිසිම ගුරුවරයෙක් පොරට කැමති නෑ.. ඒ මදිවට රිපීට් Exam 48ක්‌ 🥲 කොහොම හරි සෙල්ලම් දදා ඉදල කැම්පස් අවුට් වෙන්නෙ ඩිග්‍රිය නොගෙන.. ඔහොම ඉද්දි මෑන්ට සල්ලි පිස්සුව ගහලා පට්ට බොරුවක් කරලා කම්පැනියකට රිංග ගන්නවා.. කැම්පස් එකේ ප්‍රින්සිපල්ට අහම්බෙන් මේක මාට්ටු වෙනවා, ප්‍රින්සිපල් කියනව රිපීට් 48 ඉවර කරලා ඩිග්‍රිය ගන්න නැත්තම් බොරුව හැමෝටම අහුකරලා දෙනවා කියලා..

ඕක තමයි කතාවේ මුල් කොටසේ වෙන්නෙ.. අන්තිම ටික නම් මාරම ලස්සනයි මාරම Emotional… මරු කැමියෝ එකකුත් තියෙනවා අන්තිමට 🤭♥️

මේක ඩ්‍රැගන් ගෙ කතාව නෙවෙයි බං.. උබෙයි මගෙයි කතාව.. බලපන්.. අනිවාර්යෙන් බලපන්.. 🔥🔥

ගිහින් එන්නම් හැමෝටම ජය

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

March 23, 2025

mewage thawa fillm eheka name ekk

April 1, 2025

This is the best motivation movie I ever show thnx

May 17, 2025

supiriyk bn