EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අශේන් කවිඳු

 

දමිළ නළු ධනුෂ්’ගේ අධ්‍යක්ෂණයකින් සහ තිර රචනයකින් හැඩවුනු ” Nilavuku Enmel Ennadi Kobam (2025)” කියන දමිල චිත්‍රපටයට තමයි අද මම උපසිරැසියක් අරගෙන ආවේ. පෙබරවාරි 21 වන දින ලොව පුරාතිරගත වීම ඇරඹුනු මේ චිත්‍රපටය මේ වෙනකොටත් තිරගත වෙමින් පවතිනවා.

තාරුණ්‍යයේ ආදරය කියන තේමාව යටතේ හැඳුණු මේ චිත්‍රපටය වෙනුවෙන් මලයාලම් සිනමාවෙන්ද මේ පාර නළු නිළියන් අරගෙන තියෙනවා. කථාව පැත්තට ගියාම, කථාව ඇරඹෙන්නේ තරුණයෙක්ගෙන්, ඔහුට ගෙදරින් විවාහ මංගල්ල සොයනවා. ඉතිං මෙහෙම බලන්න ගිය එක ගැහැණූ ළමයෙක්ට පොඩ්ඩක් හිත යනවා අපෙ ප්‍රභූට. පස්සෙ ටික ටික ආශ්‍රෙ කරනකොට, දැනටත් ප්‍රභූගෙ හිතේ හොල්මන් කරන, ප්‍රභූගේ පරණ ආදර කථාව ගැන මේ ගැහැණූ ළමයට දැනගන්න ඕන වෙනවා. ඔතනින් ඔහොම මේ කථාව ඇරඹෙනවා.

තමන්ගේ කලින් පෙම්වතියගේ මංඟල්ලයට යන තරුණයෙක් සහ ඔහුගෙ යාළුවෙක් ගැනයි මේ කථාව. කොච්චර කලත් EX කියන්නේ අමුතුම පරිච්ඡේදයක් නිසා, හැඟීම්බර මොහොතයන් ඔස්සෙ මේ කථාව ගලන් යනවා.

මේකෙ එක තැනකදි කෙනෙක් ප්‍රභූගෙන් අහනවා, ඔයාට දෙන්නෙක් අතරින් තෝරගැනීමක් කරන්න වුනොත්, ඔයා තෝරගන්නෙ නිලාවද, රාජේශ් වද කියලා? මේකට ප්‍රභූ දෙන උත්තරේ නිකන් අපිට ධණුගෙ කටින් කියවෙනවා වගේ ඇහෙනවා. ෆිල්ම් එකේ නිකන් ධනුෂ් හොල්මන් කරන විදියේ තැන් බොහෝමයි මේකේ.

ඒවගේම ලස්සන සිංදු ගොඩක්ම තියෙනවා. ධනුෂ් එහෙම ගායනයෙන් දායක වෙලත් තියෙනවා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

March 22, 2025

ටෙලිග්‍රෑම් නෑ