EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Secret of Women (2025) | “කාන්තාවකගේ රහස”
අදත් අරගෙන එන්නෙ ලගදි ආපු මලයාලම් ෆිල්ම් එකක් , මේක කරන්න පටන් අරගෙනනම් ටික කාලයක් වෙනවා , තිබ්බ කාර්‍යබහුලත්වයත් එක්ක සබ් කිඅරන එක නවත්තන්න උනා , අද ආයෙ පොඩි වෙලාවක් හම්බුන නිසා ඉවර කරා සම්මාන බොහෝමයක් ලබාගනිපු ෆිල්ම් එකක් , IMDb 6.5/10 ක අගයක් ලබාගෙන තියෙනවා , Aju Varghese , Niranjana Anoop , Srikant murali , Suma Devi , Adheesh Damodaran වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් පටන්ගනිද්දි කොල්ලො දෙන්නෙක් ඉන්නවා බංකුවක වාඩිවෙලා , ටිකකින් මේ දෙන්නා දෙපැත්තකට යන්න යනවා , එක්කෙනෙක් බෝට්ටුවකට නගිනවා , අනිකා ලොකු මහල් නිවාසයකට යනවා , මහල් නිවාසෙට යන කෙනා ගෑණු කෙනෙක් තනියම ඉන්න ගෙදරකට රිංගගන්නවා , මගී බෝට්ටුවෙ යන කෙනත් අන්තිම මගියා වෙනකන්ම බලන් ඉදලා වතුරට පනිනවා , මේ අන්තිම මගියා ගෑණු කෙනෙක් , ඉතින් මේ කෙනා කොල්ලව බේරගන්නවා , ගෙදරට පැනපු කොල්ලා ඒ ගෙදර ගෑණු කෙනා බාතෲම් එකේ නාන වෙලාව්ව් දොර අරින්න ගිහින් ගෙදර ඉන්න බල්ලට අහුවෙනවා
මෙතනින් එහාට කිව්වොත් කතාවෙ තේරුමක් නැති හින්දා ඉතිරිය ඔයාලට බාරයි , මේ දේවල් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද , කවුද මේ කොල්ලො , කවුද මේ කෙල්ලො වගේ දේවල් කතාව බැලුවොත් දැනගන්න පුලුවන්
Share
Links
Comments


