EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMalaal (2019)|ආදරයට කොහිදෝ බාධා නැත්තේ
අද උස්සන් ආවේ IMDb 5.4/10 අගයක් හා ගූගල් පරිශීලක කැමැත්ත 88% වගේ ලබා ගත්ත හින්දි Film එකක්…
මුලින්ම කියන්නොනේ මට නන් මේක Sanam Theri Kasam එකට පස්සෙ හම්බුන සුපිරිම Love Story එකක් කීවොත් හරි… ප්‍රදාන චරිත දෙකෙම පලවෙනි සිනමා අත්දැකීම මේක වීම විශේෂයි වගේම, ඒක මාරම ගැලපීමක් වෙනස් අත්දැකීමක් කිවොත් හරි…
කතාව පැත්තට ගියොත් ශිවා MeeZaan Jaffrey කියන්නේ මුම්බායි වල නහට අහන් නැති, මැරයෙක් වගේ රස්තියාදු ගගහා ඉන්න දුප්පත් පවුලක “මහරාශ්ටි” කියෙන ජාතියෙ කොල්ලෙක්.. ශිවාටයි, ශිවාගේ අනික් යාලුවන්ටයි මන්ත්‍රි කෙනෙක් ජොබ් එකක් දෙනවා… මෙයාලට තියෙන්නෙ ඉන්දියාවේ වෙන ප්‍රදේශ වලින් මුම්බායට මිනිස්සු පදිංචිය එන එක නවත්තන්න, විශේෂයෙන් උතුරු ඉන්දියාවෙන්…(කුල ගැටුම්)
ඔහොම ඉන්නකොට උතුරු ඉන්දියාවේ “ත්‍රිපාටි” පවුලක් මෙයාලගේ අල්ලපු ගෙදරට පදිංචියට එනවා…ඒ පවුලේ දුව තමයි අස්ථා කියන්නේ (Sharmin Segal) වෙනස්ම ගති පැවතුම් තියෙන උසස් අධ්‍යාපනය ලබන ගැනු ළමයෙක්…
ඉතින් මේ දෙන්නගේ ආදර කතාව ත් එක්ක ජාති බේද, කුල ගැටුම් වලට මරු පහරක් දෙනවා වගේම ජීවීතේ ගොඩනගන්න විදිහ ගැන මාර පාඩම් ටිකක් කියලා දෙනවා… අනිවාරෙන්ම බලන්න කියල කියන්න තරම් වටිනවා… අවසනයේ ඇසට කදුළක් උනාවී නිසැකයි..
Mangesh Hadawele නම් දක්ශ අධ්‍යක්ශක කෙනෙක් යටතේ නිර්මාණය වන මෙහි සංගීත අධ්‍යක්ශනයෙන් දායක වෙන්නෙ Sanjay Leela Bhansali… සින්දු ටිකයි පසු බිම් සංගීතයයි මාරම විදිහට Feel වෙනවා…
එහෙනන් බලන්න කියල ආරාධනා කරන ගමන් මන් කැපෙනවා…
“සැබෑ ප්‍රේමවන්තයින් කිසිදා එක්වුනේ නැත…
පසුතැවීමකින් වෙන් උනා මිස…”











