EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageG20 (2025) | “ත්‍රස්ත ප්‍රහාරය”
ඉතින් සිංහල දෙමල අලුත් අවුරුද්ද වගේම සිනෙරූ පවුලට අවුරුදු 6ක් පිරෙන අද දවසේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි අද මේ පැත්තට ගොඩ වැදිලා තියෙන්නේ..අද සිංහල උපසිරැසි අරගෙන ආවේ පහුගිය 10 වෙනිදා OTT වෙත නිකුත් වුණු G20 (2025) කියන Action/Thriller කාණ්ඩවලට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයට..ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Patricia Riggen විසින්.. ඒ වගේම නිෂ්පාදය කරන්නේ Andrew Lazar, Viola Davis සහ Julius Tennon කියන කට්ටිය විසින්..ඒ වගේම දැනට මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.1/10 ක රේටින්ග් අගයක් ලබා ගන්න සමත් වෙලා තියනවා..
කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ඇකඩමි සම්මානලාභිනි Viola Davis තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ඇමරිකානු ජනාධිපතිනියගේ චරිතයට පණ පොවන්නේ.. ඊට අමතරව ප්‍රති වීරය චරිතය විදියට මෑත කාලීන ගොඩක් ජනප්‍රිය වුණු The Boys කතා මාලාවේ “හෝම්ලෑන්ඩර්” චරිතය රඟ දක්වපු Antony Starr රංඟනයෙන් දායකත්වය ලබා දෙනවා..ඊට අමතරව Marsai Martin, Anthony Anderson, Ramon Rodriguez, Sabrina Impacciatore, Douglas Hodge, Elizabeth Marvel වගේ රංගන ශිල්පීන් රැසක් සෙසු චරිත සඳහා රංගන දායකත්වය ලබා දෙනවා..
කතාව ගැන කිව්වොත් මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරිය..ඉතින් ඇය අලුත ඩිජිටල් මුදල් ඒකකයක් යෝජනාවක් එක්ක දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන G20 සමුළුවට සහභාගි වෙන්න යනවා..ඉතින් මේ සමුළුවට ලොව පුරා ලෝක නායකයෝ රැසක් එනවා.. මේ වෙලාවෙදි ඉතින් මේ ලෝක නායකයෝ සේරම හවස සමුලුවට කලින් සමූහ ඡායාරූපයකට පෙනී ඉන්න ලෑස්තිවෙන කොටම නොසිතූ විදියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා ඒ ත්‍රස්ත කණ්ඩායම විසින් මේ ලෝක නායකයෝ හැමෝවම ප්‍රාණ ඇපේට අරගන්නවා.. දැන් මේක ලෝක අර්ඹුදයක් බවට පත්වෙලා තියෙන්නේ..මොකද ලෝකේ බලවත්ම රාජ්‍ය වල රාජ්‍ය නායකයෝ සේරම මෙතන ප්‍රාණ ඇපකාරයෝ වෙලා තමයි ඉන්නේ..ඉතින් මේ කතාවෙදි,
ඇමරිකානු ජනාධිපතියවරිය කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..?
එයා කොහොමද මේ ප්‍රහාරය නවත්තන්න සම්බන්ධ වෙන්නේ..?
ඇයි මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවෙන්නේ?
කවුද මේක මෙහෙය වන්නේ ?
කියන ප්‍රශ්න සේරටම උත්තර දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා..
ඇක්ෂන් ෆිල්ම් වලට ආස කෙනෙක්නම් ඔයාලට මේ චිත්‍රපටය හොඳට එන්ජෝයි කරන්න පුලුවන් වෙයි..












