EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kingston (2025) | “මහා මුහුදේ ඛේදවාචකය”

 

ඔන්න ගොඩක් අය ආස කරන Crime, Thriller, Horror, Fantasy, Adventure ශානරයේ ෆිලුමක් ගෙනාව.. ඇත්තටම මේක ත්‍රිල් එකේ බලන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්..

නිකුත් වෙන්නෙ 2025 මාර්තු 7 වෙනිදා..
ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නෙ GV Prakash Kumar.. පොරගේ ඇක්ටින් නම් ඉතින් ගින්දර තමයි.. ඒවගේම මේක ඔහුගෙ සිනමා දිවියේ 25 වෙනි ෆිල්ම් එක වීමත් විශේෂත්වයක්‌ ❤️ මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ මුහුද සහ ධීවරයෝ වටා.. අනික් ටැමිල් ෆිල්ම් වලට වඩා ඇත්තටම මේකේ පොඩි වෙනසක් දැක්ක..

කතාව සහ අධ්‍යක්ෂණය – Kamal Prakash
ධාවන කාලය – පැය 2යි මිනිත්තු 14යි
භාෂාව – දමිළ

රංගනය

කින්ග්ස්ටන් ලෙසින් GV Prakash
රෝස් ලෙසින් Divyabharathi
සොලමන් ලෙසින් Chetan
ස්ටිෆන් බෝස් ලෙසින් Azhagan Perumal

කතාව පැත්තට ගියොත් එක්තරා ධීවරයෝ පිරිසක් වටා තමයි කතාව යන්නෙ… එයාලට මුහුදු යෑම රජයෙන් තහනම් කරලා තියෙන්නේ.. ඇත්තටම ඒකට හේතුව මුහුදේ සිද්දවෙන අභිරහස් මිනී මැරුම්.. මාළු අල්ලන්න මුහුදට යන හැමෝම ආපහු ගොඩට එන්නෙ මළ මිනී විදියට.. ඒකට හේතුව, එක්තරා කාලයක ඒ ගමේ මිනිස්සු විසින් කරන මිනී මැරුමක්.. ඒ මැරෙන පුද්ගලයා ගමට කරන ශාපයක්.. අනික ගම බේරගන්න ඕන නිසා මේ මිනිය එයාල තැන්පත් කරන්නේ මහ මුහුදේ.. ඒ නිසා මේ හොල්මන් අවතාර සිද්දි සේරම සිද්ද වෙන්නෙ මුහුදේ…

ඒත් මේ කතා මොකුත් විශ්වාස නොකර හිතුවක්කාර “කින්ග්” මුහුදට යනවා එයාගේ යාලුවෝ කට්ටියත් එක්ක.. මෙයාට මුහුදෙදි මුහුණ දෙන්න වෙන සිද්දි නම් ගොඩක් භයානකයි…

ඇත්තටම මේ මුහුදේ වෙන්නෙ මොනවද?
ගමේ අය කරපු මිනී මැරුම මොකක්ද?
කව්ද ගමට ශාප කරන්නේ?

සේරම දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

Comments

April 23, 2025

❤️👍