EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bottom of the Water (2023) | ”ජල අවතාර ඔබ වටා ඇත”
එකමත් එක කලෙක, ගැහැණු ළමයෙක් ජීවත් වුනා එයාගෙ අම්මත් එක්ක ගමක.. එයාලට තිබුණේ එකම දෙයයි..ඒ එළවළු වත්තක්පරණතාලෙ වඩිම්බු ගහපු ගෙයක් ඒත් එකිනෙකා සහයෝගෙන් ජීවත් උනා..
සතුටෙන් ඒත් එක දවසක් වේල්ලක් හදන්න පටන් ගත්තා ගම ගාවින් ගමේ මිනිස්සු ඒවගේම කෙල්ලගේ අම්මා වේල්ල හදන්න බල කළා.එයාලා ඒ වගේ යුගයක ජීවත් උනා කෙල්ලගේ අම්මා දවස පුරා ගල් අරගෙන ගියා කෙල්ල වෙනුවෙන් කෙල්ලගේ අම්මා ඉවසීමෙන් වැඩ කළා.
එයාගෙ අත් කඩාගෙන වැටෙනවා වගේ දැනුනා කොන්ද කෙලින් කරගන්නත් අමාරු උනා ඒත් එතන හිටියෙ එයාගෙ දුව එයාව ගෙදරට පිළිගන්න බලන් හිටියා එයාට යාන්තමට දුක විදදරාගන්න පුලුවන් උනා කෙල්ල පාඩුවේ ගෙදරටම වෙලා හිටියා එයාගේ අම්මා ආපහු ගෙදර එනකම්.
එයා අම්මා කියන දේ ඇහුවා එයා ගෙදරින් එලියට ගියෙ නෑ ඒ වීදියෙ සොල්දාදුවො ඉන්න හින්දා එක දවසක් එයාගෙ අම්මා ගිහින් ආපහු ගෙදර ආවෙ නෑ කෙල්ල දන්නේ නෑ මොනවා කරන්නද කියලවත් එයාගේ අම්මා නිතරම කෑම අරන් ආවා
අම්මා එන්න පරක්කු උනත් කෙල්ලට දිගටම බලන් ඉන්න උනා. බඩගිනි දැනිලත් එයා ගෙයින් එලියට ගියෙ නෑ මොකද එයාගෙ අම්මා එයාට කිව්වා ගෙදරටම වෙලා ඉන්න කියලා එයාගේ අම්මා කිව්වා එයා ආපහු ගෙදර එනවා කියලා. කාලය ගෙවිල ගියා වේල්ල සම්පූර්ණයෙන්ම හැදුවා ඉස්සරහ තිබ්බ කෙල්ලගෙ ගම වේල්ලෙ වතුරට යට උනා
එහෙනම් කතාව ඔයාලම බලන්න




