EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

 

ඔන්න අද අරන් අවිල්ලා තියෙන්නේ Colors of Love (2021) කියන සරල, කුතුහලය පිරුණ ආදර කතාවක්.

මේ චිත්‍රපටය සඳහා ලැබිලා තියෙන IMDb අගය 5.6/10ක් වෙනවා.

ටේලර් කියන්නෙ සියැටල් වල තියෙන පුස්තකාලයක සේවය කරන කෙනෙක්. ඒත් පුස්තකාලේට උන ප්‍රශ්නයක් නිසා එයාට පුස්තකාලෙන් යන්න වෙනවා. ඊටපස්සේ එයා ඒ ගැන එයාගේ අයියට කියද්දි, එයා ජොබ් එකක් හොයාගන්නකම් අයියා ජීවත්වෙන ෆොරස්ට් රිජ් කියන ටවුන් එකට එයාට එන්න කියලා එයාගේ අයියා ආරාධනා කරනවා. ඒ ටවුන් එකේ තියෙන ග්‍රාෆ් කියන හෝටලේ අයියා වැඩකරනවා. ඒ හෝටලේට පොඩි ප්‍රශ්නයක් එනවා ඒ හෝටලේ මිලදී ගන්න අයගෙන්. ටවුන් එකේ හැමෝම හෝටලේ බේරගන්න හදනවා.

ඒ හෝටලේ මිලදීගන්න කෙනා තමයි ජෝල් ශීනන් කියන්නේ. ටේලර්ට ජෝල් එක්ක ආදරයක් ඇතිවෙනවා ටේලර්ට ටවුන් එකට එද්දි උන අකරතැබ්බයකදි ජෝල් හම්බෙන නිසා. ජෝල් කියන්නේ ටවුන් එකේම ජීවත් උන කෙනෙක්. එයාලගේ ආදර සම්බන්දේදි එයාලා අතර පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙනවා. මේ අතරේ හාවස්ට් බෝල් කියලා එකකුත් තියෙනවා.

ටේලර්ගෙයි ජෝල්ගෙයි ආදර කතාවට මොනා වේවිද? හෝටලේ ප්‍රශ්නේ විසඳේවිද? හාවස්ට් බෝල් එක කියන්නේ මොකක්ද? ඒ හැමදේම

අද ෆිල්ම් එක බලලා ඔයාලාම දැනගන්න කියලා ආරාධනා කරනවා.

Comments

December 28, 2025

❤️