CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1868 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dark Figure of Crime (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 03, 2018South Korea111 Min.
Your rating: 0
8 1 vote
Dark Figure of Crime (2018) | අඳුරු චරිතය

Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් වාර්තා නොවුන, මළසිරුරු කිසිදාක සොයා නොගත්ත, පරීක්ෂණ කිසිදාක සිදුනොවුන, බුසාන් වල සිදුවුන සත්‍ය කතාවක්. Kim Tae-kyun සමග Ju Ji-hoon මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

මේ කතාවේ පදනම ගැන කියනව නම් දකුණු කොරියානු විමර්ශන රූපවාහිනී වැඩසටහනක් වෙන Unanswered [ko] හි 869 කොටස නැරඹීමෙන් පස්සේ im Tae-kyun ඔහුගේ පිටපතෙහි වැඩ කරන්න පටන් ගත් අතර වසර පහකට පස්සේ ඒක අවසන් කරල තියෙනවා.

2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය නොවැම්බර් 7 වන දිනට වන විට මුළු පැමිණීම් 3,783,099 ක් සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායමක් උපයල තියෙන බවට වාර්තා වෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනව නම්…….

Hyung-Min (Kim Yun-Seok) කියන්නේ උසස්වීම් ගැන තැකීමක් නැති, ඒත් ඒ වෙනුවට නඩු විසඳීමට අවධානය යොමු කරන බුසාන් වල රහස් පරීක්ෂකයෙක්. සාම්ප්‍රදායික වෙළඳපොලක පොඩි අවන්හලකදී, ඔහුට තොරතුරු සපයන්නෙකු හරහා Tae-O (Ju Ji-Hoon) හමුවෙනව වගේම කෙනෙක්ගෙ සිරුරක් භූමදාන කරන්න තමාට මුදල් ලැබුන කියලා Tae-O ඔහුට කියනවා. ඔහු ඒ ගැන තවත් විස්තර කියන්න සූදානම් වෙද්දිම හදිස්සියෙම එතනට කඩාවදින පරීක්ෂකයින් කණ්ඩායමක් ඔහුගේ පෙම්වතිය ඝාතනය කලා කියන වරදට Tae-O ව අත්තඩංගුවට ගන්නවා.

මාස කීපයකට පස්සේ හිර ගෙදර ඉඳන් Hyung-Min පරීක්ෂකතුමාට කතා කරන Tae-O තමන් තවත් මිනිස්සු 6 දෙනෙක් මැරුවා කියල පාපොච්චාරණය කරනවා. Hyung-Min මේ පාපොච්චාරණය විස්වාස කලත් අනිත් සාමාජිකයින් මේ ගැන සැක කරනවා. නමුත් Hyung-Min තමන්ගෙ විස්වාසය මත මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.

තමන්ගෙ විස්වාසය දිනලා Hyung-Min ට Tae-O ව වැරදිකාරයා කියල ඔප්පු කරන්න පුලුවන් වෙයිද? නැත්නම් අනිත් සාමාජිකයන්ගෙ විස්වාසයේ විදිහට Hyung-Min රැවටිලා තියෙයිද?….. අන්තිම වෙනකල්ම බලන්න ඇත්ත දැනගන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කනිෂ්කා ගිහානි පෙරේරා (Baiscopelk)
IMDb 6.7 /10 2,293 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Kim Yoon-seok isKim Hyeong-min
Kim Hyeong-min
Ju Ji-hoon isKang Tae-oh
Kang Tae-oh
Moon Jeong-hee isKim Soo-min
Kim Soo-min
Jin Sun-kyu isDetective Jo
Detective Jo
Jung Jong-joon isChief of Crime Department
Chief of Crime Department
Hur Jin isJi-hee's Grandmother
Ji-hee's Grandmother
Kim Young-woong isJeong-bong
Jeong-bong
Jeong Gi-seop isDetective Han
Detective Han
Kim Mi-hwa isHair Salon Manager
Hair Salon Manager

Similar titles

I Care a Lot (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amaram Akhilam Prema (2020) Sinhala Subtitles
Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Govindudu Andari Vaadele (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varshangalkku Shesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vanvaas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
100% Kadhal (2019)Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Ennalum Ente Aliya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published