EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDark Figure of Crime (2018) | අඳුරු චරිතය
Dark Figure of Crime 2018 වසරේ අධ්‍යක්ෂක Kim Tae-kyun අධ්‍යක්ෂණය කරපු දකුණු කොරියානු අපරාධ නාට්‍ය චිත්‍රපටයක්. 2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ කියවෙන්නේ මිනීමැරුම් වාර්තා නොවුන, මළසිරුරු කිසිදාක සොයා නොගත්ත, පරීක්ෂණ කිසිදාක සිදුනොවුන, බුසාන් වල සිදුවුන සත්‍ය කතාවක්. Kim Tae-kyun සමග Ju Ji-hoon මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.
මේ කතාවේ පදනම ගැන කියනව නම් දකුණු කොරියානු විමර්ශන රූපවාහිනී වැඩසටහනක් වෙන Unanswered [ko] හි 869 කොටස නැරඹීමෙන් පස්සේ im Tae-kyun ඔහුගේ පිටපතෙහි වැඩ කරන්න පටන් ගත් අතර වසර පහකට පස්සේ ඒක අවසන් කරල තියෙනවා.
2018 ඔක්තෝබර් 3 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය නොවැම්බර් 7 වන දිනට වන විට මුළු පැමිණීම් 3,783,099 ක් සමග ඇමරිකානු ඩොලර් මිලියන 29.5 ක ආදායමක් උපයල තියෙන බවට වාර්තා වෙනවා.
චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනව නම්…….
Hyung-Min (Kim Yun-Seok) කියන්නේ උසස්වීම් ගැන තැකීමක් නැති, ඒත් ඒ වෙනුවට නඩු විසඳීමට අවධානය යොමු කරන බුසාන් වල රහස් පරීක්ෂකයෙක්. සාම්ප්‍රදායික වෙළඳපොලක පොඩි අවන්හලකදී, ඔහුට තොරතුරු සපයන්නෙකු හරහා Tae-O (Ju Ji-Hoon) හමුවෙනව වගේම කෙනෙක්ගෙ සිරුරක් භූමදාන කරන්න තමාට මුදල් ලැබුන කියලා Tae-O ඔහුට කියනවා. ඔහු ඒ ගැන තවත් විස්තර කියන්න සූදානම් වෙද්දිම හදිස්සියෙම එතනට කඩාවදින පරීක්ෂකයින් කණ්ඩායමක් ඔහුගේ පෙම්වතිය ඝාතනය කලා කියන වරදට Tae-O ව අත්තඩංගුවට ගන්නවා.
මාස කීපයකට පස්සේ හිර ගෙදර ඉඳන් Hyung-Min පරීක්ෂකතුමාට කතා කරන Tae-O තමන් තවත් මිනිස්සු 6 දෙනෙක් මැරුවා කියල පාපොච්චාරණය කරනවා. Hyung-Min මේ පාපොච්චාරණය විස්වාස කලත් අනිත් සාමාජිකයින් මේ ගැන සැක කරනවා. නමුත් Hyung-Min තමන්ගෙ විස්වාසය මත මේ ගැන පරීක්ෂණ කරන්න පටන් ගන්නවා.
තමන්ගෙ විස්වාසය දිනලා Hyung-Min ට Tae-O ව වැරදිකාරයා කියල ඔප්පු කරන්න පුලුවන් වෙයිද? නැත්නම් අනිත් සාමාජිකයන්ගෙ විස්වාසයේ විදිහට Hyung-Min රැවටිලා තියෙයිද?….. අන්තිම වෙනකල්ම බලන්න ඇත්ත දැනගන්න..






