CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3473 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 10, 2003France61 Min.
Your rating: 0
10 2 votes
Ghosts of the Abyss (2003) | ‘අගාධයේ අවතාර’ ගවේෂණය.

මෙහි අන්තර්ගත වන්නේ 2001 අගෝස්තු සහ සැප්තැම්බර් අතර කාලයේදී කැමරන් විද්‍යාඥයන් කණ්ඩායමක් සමඟින් RMS Titanic නෞකාවශේෂය ගවේෂණය කිරීමට ගිය ගමන ගැනයි. රුසියානු ගැඹුරු සාගර ගිල්වුම් යාත්‍රාවන් දෙකකින් ටයිටැනික් නෞකාවශේෂය වෙත කිමිදිමෙන් අනතුරුව, ඉන්පෙර කිසිම දිනෙක කිසිම අයෙක් නොකළ අන්දමින් විස්තරාත්මක තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ දර්ශන රැසක් ලබාගැනීමට මෙම ගවේෂණ කණ්ඩායම සමත් වුණා. ගිල්වුම් යාත්‍රාවන්ට ලඟා විය නොහැකි ටයිටැනික් අවශේශයේ ඇතුළත කොටස් වලට පිවිසීම සඳහා කැමරන් ඇතුළු කණ්ඩායම, වසර තුනක් මුළුල්ලේ පර්යේෂණ සිදු කර දුරස්ථ පාලක යානා හෙවත් ROV (Remotely Operated Vehicles) වර්ගයේ දිය යට කිමිදෙන රොබෝවන් විශේෂයක් නිර්මාණය කළා. ඒවාට තැබූ නම් දෙක, ‘ජේක්’ සහ ‘එල්වුඩ්’. ඒවායෙන් ලබාගත් සුපැහැදිලි වීඩියෝ දර්ශන සහ ඡායාරූප, ත්‍රිමාණ සජිවිකරණයෙන් නිපදවූ ටයිටැනික් සත්‍ය පින්තුර සමඟින් විචිත්‍රව ඒකාබද්ධ කරමින් මේ වාර්තා චිත්‍රපටයේ ඉතා සුන්දරව ඉදිරිපත් කරනවා.

මේ චිත්‍රපටය පසුබිම් කථනය කරන්නේ, 1997 ටයිටැනික් චිත්‍රපටයේ බ්රූක් ලොවෙට් ලෙස රංගනයෙන් දායක වුණු සුප්‍රකට නළු බිල් පැක්ස්ටන්. මිර් I සහ මිර් II ගිල්වුම් යාත්‍රා මඟින් නිෂ්පාදක කණ්ඩායම ටයිටැනික් වෙත 12 වතාවක් සිදු කළ ගවේෂණ මෙහි අන්තර්ගතයි. 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ගවේෂණය සිදු කර මතුපිටට පැමිණි කැමරන් ඇතුළු කණ්ඩායමට, 2001 දී සිදුවුණු 9/11 ප්‍රහාරය ගැන දැනගන්නට ලැබෙනවා. 1912 සිදුවුණු ටයිටැනික් ඛේදවාචකයත්, 2001 සිදුවුණු 09/11 ඛේදවාචකයත් අතර සංසන්දනයකුත් මෙහි අන්තර්ගතයි. ප්‍රකාශ තන්තු මඟින් මව් යානයන්ට සම්බන්ධ වුණු ජේක් සහ එල්වුඩ් අඩි 12,500ක් යට සිදු කළ ගවේෂණ අතරතුර මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම් ඔබට මේ වැඩසටහනින් දැකගන්නට හැකිවේවි.

මුල්වරට IMAX 3D ආකෘතියෙන් නිකුත් කෙරුණු Ghosts of the Abyss චිත්‍රපටය හොඳම වාර්තා වැඩසටහනක් ලෙස BFCA සම්මානයට නිර්දේශ වුණා. සීමිත දර්ශන වාර ගණනක් ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණු අතර ඩොලර් මිලියන 17.1 ක දේශීය ආදායමකුත්, ඩොලර් මිලියන 11.7ක ජාත්‍යන්තර ආදායමකුත් සමඟින් ලොවපුරා ඩොලර් මිලියන 28.8ක් ඉපැයීමට Ghosts of the Abyss සමත් වුණා. එමෙන්ම IMDb දර්ශකයේ 6.8/10 ක් ලබාගැනීමට සමත් වුණා.

චිත්‍රපටය පුරා, ටයිටැනික් හි ඇතුළත CGI පසුතල පසුබිම් කරගනිමින් එහිදී සිදුවුණු ඓතිහාසික සිදුවීම් මෙහි පහත ශිල්පින්/විශේෂඥයන් විසින් රඟදක්වනු ලබනවා.

Don Lynch – ටයිටැනික් නිර්මාණ ශිල්පී තෝමස් ඇන්ඩ්රූස් ලෙසින්
Ken Marschall – වයිට් ස්ටාර් ලයින් සමාගමේ සභාපති ජේ. බ්රූස් ඉස්මේ ලෙසින්
Miguel Wilkins – රොබර්ට් හිචන්ස් ලෙසින්
Federico Zambrano – ජෝන් ජෙකොබ් ඇස්ටර් ලෙසින්
Dale Ridge – එලිසබෙත් ලයින්ස් ලෙසින්
Judy Prestininzi – මොලී බ්‍රවුන් ලෙසින්
Adrianna Valdez – හෙලන් චර්චිල් ලෙසින්
Justin Shaw – විදුලි සංඥා නිලධාරී ජැක් ෆිලිප්ස් ලෙසින්
Thomas Kilroy – පෝකර් ක්‍රීඩා කරන්නෙක් ලෙසින්
Charlie Arneson – ප්‍රධාන නිලධාරී විලියම් මර්ඩොක් ලෙසින්
Piper Gunnarson – මැඩලින් ඇස්ටර් ලෙසින්
John Donovan – කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසින්
Janace Tashjian – ඊඩිත් රසල් ලෙසින්
Jesse Baker – දෙවන නිළධාරී චාල්ස් ලයිටෝලර් ලෙසින්
Justin Baker – කනිෂ්ට විදුලි සංඥා නිලධාරී හැරල්ඩ් බ්‍රයිඩ් ලෙසින්
Aaron C. Fitzgerald – ෆ්‍රෙඩ්රික් ෆ්ලීට් ලෙසින්
Bill Paxton – පසුබිම් කථකයා ලෙසින්

එසේ නම් උතුරු අත්ලාන්තික් සාගරයේ අඩි 12,500ක් ගැඹුරට කිමිදීමේ චාරිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා!

Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghosts of the Abyss (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 6.8 /10 6,173 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ken Marschall isSelf / J. Bruce Ismay
Self / J. Bruce Ismay
Don Lynch isSelf / Thomas Andrews
Self / Thomas Andrews
Adriana Valdez isHelen Churchill Candee
Helen Churchill Candee
Piper Gunnarson isMadeleine Astor
Madeleine Astor
Federico Zambrano isJohn Jacob Astor
John Jacob Astor
Miguel Wilkins isQuartermaster Hitchens
Quartermaster Hitchens

Similar titles

How to Train Your Dragon (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hatchet 3 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X-Men Origins: Wolverine (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rogue One: A Star Wars Story (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Octopus Teacher (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fear Street: Part Two – 1978 (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dig (2021) Sinhala Subtitles |Watch Online
The Voyeurs (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Presence (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dungeons & Dragons: Honor Among Thieves (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan October 16, 2025 Reply

    ❤️

Leave a Reply to Niroshan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published