CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dungeons & Dragons: Honor Among Thieves (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:John Francis Daley, Jonathan M. Goldstein
Cast
Go Full Cast PageDungeons & Dragons: Honour Among Thieves (2023) | මහා නපුරකට එරෙහිව සටන් වදින හොරු කල්ලිය
එඩ්ගින් සහ හොල්ගා කියන්නේ අවුරුදු දෙකක ඉඳන් හිරබත් කන හොඳ යාළුවො දෙන්නෙක්. මෙයාල හිරේ වැටෙන්න හේතු වෙලා තියෙන්නේ විශාල හොරකමක්. එඩ්ගින් ඉස්සර හාපර් කියලා සංවිධානයක තමයි ඉදල තියෙන්නේ, ඒ කියන්නේ අසරණ ජනතාව වෙනුවෙන් දරුණු පාලනයට එරෙහිව කිසිම ලාභයකින් තොරව සේවය කරන්න දිවුරුම් දීල ඉන්න ඔත්තුකාරයො ඉන්න සංවිධනයක්. මේ වගේ සේවයක් කරනකොට තමන්ට හතුරො ඇතිවෙනව වැඩී කියන එක පුදුමයක් නෙවේනෙ, ඉතිං ඒ බව දැන දැනත් එඩ්ගින්ගේ නෝන ඔහුට අවසර දෙනවා මේ රස්සාව කරන්න. නමුත් දවසක් එඩ්ගින් ගෙදර නැති වෙලාවකදි පිරිසක් ඇවිත් ඔහුගෙ නෝනව මරනවා එයාට ඉතිරි වෙන්නේ එයාගෙ දුව කීරා විතරයි. මේ වුණ නැතිවීම නිසා එදැයින් පස්සෙ ඔහු හාපර් සංවිධානෙන් අයින් වෙලා ඔහුගෙ දුවවත් බලාගෙන බේබද්දෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඔතනදි තමයි එඩ්ට හොල්ගාව හමුවෙන්නේ. ඇය කීරාව බලාගන්න කැමතිවෙලා කට්ටිය එකට වැඩ කරනවා වගේම මේ කට්ටිය සල්ලි හොයන්න හොරකමටත් පුරුදු වෙනවා. මේ වැඩේදි මෙයාලට උදව් කරන්න සයිමන් නම් විජ්ජාකාරයෙකුයි ජෝර්ජ් නම් රැවටිලිකාරයෙකුයි එකතු වෙනවා. හැබැයි මෙයාල අවංක විදිහට තමයි හොරකම් කරන්නේ කාටවත් කරදරයක් නොවෙන විදිහට.
ඔහොම ඉන්නකොට මෙයාලගෙ ජීවිත වෙනස් වෙන්න ගන්නවා ඒ එක් පුද්ගලයෙක් මෙයාලගෙ ජීවිත වලට ආවට පස්සේ. ඒ පුද්ගලය නිසා මෙයාල ලොකු අමාරුවක වැටෙනවා වගේම එඩ් සහ හොල්ගා නතරවෙන්නෙ හිරේ ගිහින්. ඇත්තටම කවුද ඒ පුද්ගලයා? මොකක්ද මෙයාල හිරේ යන්න හේතුව?
මං මුළු කතාවම කිව්ව වගේනෙ. අපෝ නෑ මං මේ කිව්වෙ මේ ෆිල්ම් මේ මුල් විනාඩි දහය ඇතුලත වෙන දේවල් ටිකක් විතරයි. මොකද මෙයාල හිරෙන් නිදහස් වුණාට පස්සෙයි හීනෙකින්වත් හිතපු නැති හොඳම දේවල් ටික අහන්න දකින්න ලැබෙන්නේ. ඔයාල බලලාම දැනගන්නකො ඒ මොනවාද කියලා.











