EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJeena Sirf Merre Liye (2002) | මා වෙනුවෙන් පමණක් ජීවත් වන්න….
පින්කි…
මගෙ පොඩි කාලෙ හොඳම යාලුවා…
මගෙ ආදරේ…
එයා ගොඩක් පෝසත් පවුලක කෙනෙක්.
ඒත් මම කාත් කවුරුවත් නැති අනාත කොල්ලෙක්…
එයා හිටියෙ ලොකු ලස්සන බංගලාවක.
ඒත් මම හිටියෙ ගමේ තියෙන දේවාලෙ.
ඉතින් අපෙ යාලුකමට ගොඩක් බාධා ආවා.
‘තුට්ටු දෙකේ කොල්ලෙක් මගෙ දුවත් එක්ක පෑහෙන්නද හදන්නෙ?
මගෙ දුවත් එක්ක සෙල්ලම් කරන්න මොකක්ද මූට තියෙන තත්ත්වෙ?
අද මේකා නිසා මගෙ දුව අසනීප වුනා. හොඳටම උන!
අදින් පස්සෙ මූ මගෙ දුවත් එක්ක ඉන්නවා දැක්කොත් එහෙම…
මම මූට වෙඩි තියනවා’
පින්කිගෙ තාත්තා එහෙම කියල මාව එලව ගත්තා.
එයා පින්කිවත් එක්කගෙන ආපහු මුම්බායට ගියා.
ඒත් යන්න කලින් පින්කි මට එක තෑග්ගක් දෙනවා.
ඒ තමයි ලස්සන සංගීතයක් ඇහෙන ඔරලෝසුවක්.
මාත් මාව මතක් වෙන්න පින්කිට දුන්නා පුංචි දේව රූපයක්.
අපි දෙන්නා වෙන් වුනා…
ඔය අතරෙ දේවාලෙට ආපු කෙනෙක්
මාව පවුලෙ කෙනෙක් වගේම හදාගත්තා.
එයා මාව මුම්බායට එක්ක ගියා.
මාත් එයාලගෙ පවුලෙම කොටසක් වුනා.
මගෙ එකම බලාපොරොත්තුව
කොහොම හරි පින්කිව හොයා ගන්න එක.
ඉතින් මට මගෙ ආදරේ හොයා ගන්න පුලුවන් වෙයිද කියල බලාගන්න නම්, මේ කතාව ඉවර වෙනකන්ම බලන්න වෙනවා.
අද අරගෙන ආවෙ 2002 අවුරුද්දෙ තිරගත වුන බොහොම ජනප්‍රිය ඒ වගේම ලස්සන සිංදු තියෙන චිත්‍රපටියක්. 1946 දි තිරගත වුන Anmol Ghadi චිත්‍රපටියෙ Remake එකක් වන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Talat Jani. rරංගනයෙන් දායක වෙන්නෙ Kareena Kapoor, Mallika Sherawat සහ Tusshar Kapoor. සංගීතය Nadeem–Shravan. ගීත ගායනයෙන් Sonu Nigam, Alka Yagnik, Babul Supriyo, Kavita Krishnamurthy, Abhijeet, K.K සහ Sunidhi Chauhan එක් වෙනවා.










