EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Love Untangled (2025) | “නොකැළැල් ආදරය”

 

ඔන්න මම අද අරන් ආවෙ 2025 අලුතින්ම ආපු කතාවක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…

මේක 1998 වර්ෂය පසුබිම් කරගත්ත කතාවක්. පක් සේ-රි බුසාන් වල උසස් පාසලක ඉගෙන ගන්න ශිශ්‍යාවක්. ඇගේ රැලි කොණ්ඩය හින්දා ඇයට කවදාවත් හරියට ඇගේ හැඟීම් කිසිවෙකුට පාපොච්චාරණය කරන්ට බැරි වෙලා තියනව. ඉස්කෝලෙ  ජනප්‍රියම ශිෂ්‍යයා වන කිම් හ්යුන් ගැන ඇයට ආදරයක් තියනව. දවසක් සොල් වල ඉදන් හැන් යුන් සියොක්  කියල ශිෂ්‍යයෙක් පාර්ක් සේ-රි ඉගෙන ගන්න ඉස්කෝලෙට එනව. එක සිදියක් නිසා යුන් සියොක්ටත් සේ-රි ගැන ආදරයක් ඇති වෙනව. ආය මම මොකුත් කියන්නැ , මේ තුන් කොන් ප්‍රේමේ ඉතුරු ටික ඔයාල කතාව බලලම දැන් ගන්ට කියල ආරාධනා කරනව.

මම සහන් දුෂ්යන්ත.

Comments