EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමේක ආරම්භයක් විතරයි
මේ තමයි මෝටල් කොම්බැට් විශ්වයේ චිත්‍රපටයකට කරන දෙවනි උපසිරැසි ගැන්වීම. පලවෙනි එක තමා Mortal Kombat Legends: Cage Match (2023). බලපු නැති කෙනෙක් ඉන්නවා නං අනිවාරෙන් ගිහින් බලන්න. (ආතල් ෆිල්ම් එකක්)
ඉතිං මේ මෝටල් කොම්බැට් 2 චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ ඇමරිකන් ඩොලර් මිලියන 80 ක වගේ පිරිවැයකින්. ඒ 2021 වසරේ අපිට බලාගන්න ලැබුණු මෙහි ප්‍රීක්වල් චිත්‍රපටයේ බජට් එකට වඩා මිලියන 25 ක් පමණ වැඩියෙන්. ඉතිං මේ වෙනවිට (ලිපිය පළ කරන දින වෙද්දී) චිත්‍රපටය ලෝකය පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 71-75 ත් අතර ප්‍රමාණයක අදායමක් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය බලාපොරොත්තු වූවාට වඩා ආදායම අතින් මන්දගාමී මට්ටමක පැවතුණද ආරම්භක සතිය තුළ ඩොමිස්ටික් ආදායම ඩොලර් මිලියන 40 ක් අතර ඉපයීමට සමත් වුණා. ඒවගේම සජීවී ක්‍රියාදාම එහෙමත් නැත්තම් ලයිව්-ඇක්ෂන් මෝටල් කොම්බැට් චිත්‍රපටයක් ලබාගන්නට හැකි වුණ වැඩිම Rotten Tomatoes අගය හිමි වෙන්නෙද මෙ චිත්‍රපටයයි, ඒ 65% ක අගයක් ලබාගනිමින්. IMDb අගය 7/10 කුත් ලබාගෙන තියෙනවා මේ වෙද්දී. ඒ වගේම තව මෙහි විශේෂත්වය වෙන්නෙ දැනට තියෙන දීර්ඝතම ලයිව් ඇක්ෂන් මෝටල් කොම්බැට් චිත්‍රපටය මෙය වීමයි.
දැන් අපි කතාව පැත්තට හැරුණොත්, දකින්න ලැබෙන්නෙ මෙහි ප්‍රීක්වල් චිත්‍රපටයේ මුල සිටම ඔවුන් විසින් ටීස් කරන චරිතය වන ෂාඕ කාන් වටායි. අර්ත්රෙල්ම් එක නොහොත් පෘථිවි ලෝකය අල්ලාගැනීමට දරණ ෂාඕ කාන්ගෙ උත්සහය අපිට චිත්‍රපටය තුළින් දැකගන්න ලැබෙනවා. ඊට අමතරව මෙහි නවතම චරිත විදිහට, කොයි කවුරුත් අඳුරන ද බෝයිස් හි බිලී බුචර් නොහොත් Karl Urban ජොනී කේජ් චරිතයෙන්ද, Adeline Rudolph කිටානාගෙ චරිතයෙන්ද, Martyn Ford ෂාඕ කාන් චරිතයෙන්ද, Tati Gabrielle ජේඩ් චරිතයෙන්ද සහ CJ Bloomfield ව බරාකා යන චරිතයෙන් ද අපිට බලාගන්න ලැබෙනවා. ට්‍රේලර් එකෙන් අපිට බලාගන්න ලැබුණු විදිහටම කලින් කොටසෙදි ඉවරයක්ම කරලා දාපු කේනෝ සහ කුං ලාඕ චරිතයන්ද නැවත මෙහිදි අපිට බලාගන්න අවස්ථාව හිමිවෙනවා. මං මෙහෙදී කතාව ස්පොයිල් නොවෙන්න වග බලාගෙනයි ලිපිය ලියන්නෙ මොකද ඒක බලන ඔයාලට වෙන බාධාවක් හින්දා.











