EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

භයානක මැර පෙම්වතිය

හොංකොං සිනමාවෙන් ලෝකය ජයගත්, එදා මෙදා තුර තායිවානයේ බිහිවුනු අති සාර්ථකම රංගන ශිල්පිනිය ලෙස  කිරුළු පලන්, Gorgeous [1999], So Close [2002], The Transporter [2002] සහ The Assassin [2015] වැනි චිත්‍රපට වලින් රසික හදවත්වල නොමැකෙන මතකයන් ඉතිරිකල, තායිවාන් සුරූපිනිය Shu Qi ගේ කොරියන් ෆිල්ම් එකක් වන My Wife Is A Gangster 3 චිත්‍රපටයට තමයි මෙවර උපසිරැසියක් අරගෙන ආවෙ. මුලින්ම තිරගත වුනේ 2006 දෙසැම්බර් 28 දින දකුණු කොරියාවෙදි. කොරියන් සහ චීන යන භාෂා දෙකම අඩංගු වෙනවා. විනාඩි 115 ක් පුරා දිවෙන Action / Comedy / Drama කැටගරිවලට අයත් රසාලිප්ත නිර්මාණයක්. දැන් ඔයාල බලයි මේකෙ 1 සහ 2 කෝ කියල. ඒ දෙකත් මේ ධාරාවේම චිත්‍රපට වුනත් මේක තමයි නැගල ගියේ. ඒකට Shu Qi කියන සාධකයත් ගොඩක්ම බලපාන්න ඇති. හැබැයි ඒ දෙක නොබැලුවා කියල අවුලක් නෑ. මොකද කතාවල සම්බන්ධයක් නෑ. මේ චිත්‍රපටය කෙතරම් සාර්ථක වුනාද කිව්වොත් 2015 වසරේදි ප්‍රභූ දේවා එහි රීමේක් එකක් හින්දි සිනමාවට එකතු කලා. ඒ තමයි ආක්ෂේ කුමාර් සහ ඇමී ජැක්සන් රඟපෑ Singh is Bling. මෙහි Shu Qi (ආර්යුං) සමග රගනයෙන් එකතු වෙනවා Lee Beom-soo (කි-චුල්) සහ Hyun Young (යෙන්-ජී).

         හොංකොං පාතාල කල්ලියක් වන බ්ලැක් ඩ්‍රැගන්ලගෙ නායකයගෙ ඝාතනය සම්බන්ධයෙන් සැකය එල්ලවෙන්නෙ තවත් ප්‍රබල කල්ලියකගෙ නායකයගෙ දුව වන ආර්යුංට. ආර්යුං කියන්නෙ සටන් කලාවන් හී කෙළපැමිණි තරුණියක්. බ්ලැක් ඩ්‍රැගන් කල්ලියෙන් ඇගේ ජීවිතයට තර්ජන එල්ලවීම නිසා, ආර්යුංගෙ පියා ඇයව යවනවා කොරියාවෙ ඔහුගෙ යාලුවෙක් ළගට. ඒ යාලුවත් සෝල් වල කල්ලි නායකයෙක්. ඔහු ඇයව බාර කරනවා ඔහුගෙ තරුණ ගෝලයෙක් වන කි-චුල්ට. දාමරිකයන් වන කි-චුල් සහ ඔහුගෙ සගයන් දෙදෙනා මේ සත්කාරක වැඩේට කැමති නෑ. ඔවුන් චීන භාෂාව දන්නෑ. ආර්යුං කොරියන් භාෂාව දන්නෑ. පරිවර්තකයෙක් විදිහට බඳවගන්නවා යෙන්-ජී කියල තරුණියක්. ඒකත් පිස්සු කෝච්චියක්. ආර්යුං ගැන කිසි දෙයක් නොදන්නා මෙයාල උත්සාහ කරනවා, ඔවුන්ගේ නපුරු බව පෙන්නලා ඇයව බය කරගන්න. මේ අතර බ්ලැක් ඩ්‍රැගන්ලගෙ ඝාතකයන් ආර්යුං පස්සෙන් කොරියාවටත් එනවා.

     ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් මුල ඉඳන් අග දක්වාම සිනාවෙන් පිරුණු පට්ට ඇක්ෂන් කොමඩියක්. 18+ සීන් මොකුත් නෑ. 

Comments