EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOfficer Black Belt (2024) | “ඔෆිසර් බ්ලැක් බේල්ට්”
ඉතින් හැමෝටම කොහමද? ඔන්න මම ගොඩක් කාලෙකින් අලුත් ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, මම පෞද්ගලිකව කැමති නළුවෙක් තමයි කිම් වු-බින් කියන්නේ ඉතින් එයාගේ මේ අවුරුද්ද සැප්තැම්බර් 13 ආපු Officer Black Belt (2024) කියන ෆිල්ම් එකට තමයි මම උපසිරැසි අරගෙන ආවේ.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, ලී ජොංග්-දෝ (Kim Woo Bin) කියන්නේ විනෝද වෙන්න කැමති කෙනෙක්, ඉතින් එයා ක්‍රිඩා අතින් සටන් කලාව අතින් හැම පැත්තෙන්ම තමන්ට විනෝද වෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් දේ කරනවා, එයාට සතුටු වෙන්න පුළුවන් එකම දේ තමයි දිනන ඒක, ඉතින් දවසක් එයා තාත්තාගේ කඩේ ඩිලිවරි එකක් අරගෙන යනකොට පාරේ රන්ඩු වෙන දෙන්නෙක්ව දකිනවා, දෙන්නාගේ රන්ඩුව දුරදිග ගිහිල්ලා එක් කෙනෙක් පාරේ වැටෙනවා දකින ජොංග්-දෝ එතනට උදව් කරන්න යනවා, එතකොට තමයි එයා දැනගන්නේ එතන ඒ ඉන්නේ දරුණු අපරාධකාරයෙක් සහ එයාව අල්ලගන්න ආපු සටන් කලා නිලධාරියෙක් කියලා, එත් මෙතනදි ඒ සටන් කලා නිලධාරියාට තුවාල වෙලා ඉන්නවා දැක්ක ජොංග්-දෝ එයාට උදව් කරනවා, ඉතින් ඒ උදව්වට හරියන්න පරිවාස කාර්යාලයෙන් ජොංග්-දෝට සම්මානයක් පවා දෙනවා, අන්න එතකොට මේ
පරිවාස කණ්ඩායමේ නායකයා ජොංග්-දෝට එයාලා එක්ක එකතු වෙන්න කියලා යෝජනාවක් කරනවා. ඉතින් ජොංග්-දෝ එයාලා එක්ක එකතු වෙයිද? අපි එහෙනම් ඉතුරු ටික ෆිල්ම් එක බලලා දැනගමුකෝ.








