EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Shadows in The Palace (2007) “මාලිගාවේ සෙවනැලි” (+18)

අහම්බෙන් මේ ෆිල්ම් එක බලන්න සෙට් උනේ. ෆිල්ම් එකනම් කම්මැලි කමක් නැතුව කුතුහලෙන් අන්තිම වෙනකම් බලන්න පුළුවන්. වෙන්නේ මේකයි මාලිගාවේ උපබිසවක් යටතේ සේවය කරන සහාය පාලිකාවක් සියදිවි නසා ගන්නවා.

එම මරණය පිලිබඳ සැක කරන මරණ පරික්ෂණ හෙදිය ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන්න පටන් ගන්නවා. අවසානයේ ඇය සත්‍ය සොයා ගනීද මේ මරණයේ? මේ ෆිල්ම් එක ගැන ලොකු විස්තරයක් දුන්නොත් කුතුහලය නැතිවෙයි ඒක නිසා මම ගොඩක් විස්තර කරන්නේ නෑ..

ඒත් මේකේ අතිත සිදුවිම් පෙන්නනකොට හොඳ අවදානේන් නරඹන්න කියලත් කියනවා. මෙහි +18 දර්ශන ඇතුලත් වන නිසා කුඩා ලමයින්ට නැරඹීමට සුදුසු වෙන්නේනම් නෑ.

Comments