CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2999 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Skanda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 27, 2023India167 Min.
Your rating: 0
9.1 19 votes
Skanda (2023) | ” විප්ලවයක ඇරඹුම ”
ඔන්න ඉතිං වැඩ අස්සේ අන්තිමට පොඩි නිවාඩුවකුත් සෙට් උනා. නිකන් ඉන්න එකේ ආයිමත් අළුතින් ආපු තෙලිගු ෆිල්ම් එකකට සබ් එක කරන වැඩේට අත ගැහුවා.  පහුගිය සැප්තැම්බර් 28 වෙනිදා තිරගතකිරීම් ඇරඹි මේ ස්කන්ධ තෙලිගු ෆිල්ම් එක පහුගිය කාලේ අති සාර්ථක අයුරින් තිරගත වෙලා මේ ඔන්න පහුගිය නොවැම්බර් 2 වෙනිදා OTT හරහා නිකුත් උනා.
බෝයාපති ශ්‍රීනුගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකට නම තියන්න කලින් මේක එනවුන්ස් කරේ නම් “බෝයාපති රපෝ” කියලා. ඒවගේම මීට කලින් අපිට ශ්‍රීනුව මුන ගැහෙන්නේ 2021 දි ආපු බාලයියගේ “අඛණ්ඩා” ෆිල්ම් එකෙන්.. ඉතිං ඒවගේම මේ පාරත් මෙදා සැරේ රාම් පොතේනි එක්ක වෙනස්ම වැඩක් කරලා තියෙනවා
මම නං රාම් පොතේනිගේ ෆිල්ම් වලට රහ වැටුනේ ඒ කාලේ ආපු රොමෑන්ටික් ෆිල්ම් එක්ක, ඒත් මේ වෙද්දි රාම් වෙනස්ම හැඩයකට ගිහින් ඇක්ෂන් ත්‍රිලර් පැත්තටම යනවදෝ කියලත් හිතෙනවා. මොකද පහුගිය ආපු ෆිල්ම් ටික ගත්තම ඉස්සර හිටපු රාම් කැරැක්ටර් එක අද වෙද්දි දකින්න බැරි වෙලා තියෙනවා. 2022 The Warrior ෆිල්ම් එකෙන් ගොඩ කාලෙකට පස්සෙ එන රාම්ගේ අළුත් ෆිලුම බලන්න මාත් මේක එන්නත් කලින් ඉදන් බලන් හිටියේ,
ඒවගේම ශ්‍රීලීලා.. නොකිව්වට මොකද ඇය මගේ වයසේ.. ඇත්තටම අඩු වයසකින් ෆිල්ම් වල ප්‍රධාන නිලියට රගපාලා.. ඒ ෆිල්ම් ටිකත් හිට් කරලා මේ වෙද්දි එයා තෙලිගු සිනමාවේ කාර්යබහුලම නිලිය වෙලා කිව්වොත් මම නිවැරදියි.. ඒ ඇයගේ හැකියාව හා දක්ෂතාවය නිසා.. මීට කලින් ආපු ෆිල්ම් සහ මේ ෆිල්ම් එකටත් එයා එයාගේ උපරිමය කරලා තියෙනවා.
අනිත් පැත්තෙන් සායි මාන්ජිකර්.. තාම අතේ ඇගිලි ගාණ තරම් ෆිල්ම් වලට රගපාලා නැති කියුට් කෙල්ලෙක්. මෙයා ගැන කතා කරාම මෙයාව අපිට ළගදි ආපු හින්දි – තෙලිගු ෆිල්ම් කීපෙකින්ම බලාගන්න පුළුවන් උනා. මං කියපු දේවල් වලින් තේරෙනව ඇතිනේ මෙයා මේ සිනමා ක්ෂේත්‍රයට අළුත් කියලා.. ඒ උනාට ඒ අළුත් බව මෙයාගේ රංගන කුසලතාවයෙන් මනින්න බැරි තරම් මෙයා දක්ෂයි.. ඔයාලා මෙයාගේ ෆිල්ම් බලල නම් දකින්න ඇති
ෆිල්ම් එකේ සිංදු ගැන කිව්වොත් මේකෙ නටන්න පුළුවන් සිංදු සෙට් එකක් තියෙනවා වගේම මං කලින් නොකියූ දේ තමයි දෙපැත්තෙන් ඩාන්ස් කරන්න ගැලපෙනම දෙන්නා සෙට් උනු ෆිල්ම් එකක් තමයි මේ.. ඩාන්ස් නං රාම් වගේම තමයි ශ්‍රීලීලත්
ස්කන්ධ.. අහද්දි පොඩ්ඩක් නමත් හුරුපුරුදුයි.. ඔව්.. අපි ස්කන්ධ කියන්නේ කතරගම දෙවියොන්ටනේ.. මේ කතාවත් ඉතිං තව කෙනෙක්ගේ ඉරණම විසදන්න පුළුවන් දෙවියෙක් ගැන තමයි
Ram Pothineni – [බාස්කර් රාජු] / [ස්කන්ධ]
Sreeleela  – [ශ්‍රී ලීලා රෙඩ්ඩි]
Saiee Manjrekar – [අම්මුලු]
Srikanth – [රාම ක්‍රිෂ්ණ රාජු]
Sharath Lohithaswa – [රන්ජිත් රෙඩ්ඩි]
Ajay Purkar – [රායුඩු]
හොදයි ඉතිං මේ කතාව පොඩ්ඩක් දේශපාලනයත් එක්ක ගාවගෙන පවුල් ආරවුල් පළිගැනීම් මැදින් යන කතාවක්
කතාව පටන් ගන්නෙ නම් ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමති රායුඩුගේ දුවගේ කසාද උත්සවයෙන්.. ඒත් ඒක උත්සවයක් උනේ නෑ මොකද මේ කසාද උත්සවේට එනවා තව කෙනෙක්.. ඒ තමයි තෙලංගනා මහ ඇමති රන්ජිත් රෙඩ්ඩිගේ පුතා, කාටත් හොරා තිබූ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදියට මනමාලිව ඒ කසාදෙන් හොරාට පන්නගෙන එනවා. මේ සිද්දිය නිසා මේ කතාව නයි වෛරයකට පෙරලෙන්න පටන් ගන්නෙ මෙතනින්. ඒවගේම රායුඩු කොයිවෙලෙත් රන්ජිත් රෙඩ්ඩිගේ පවුලේ අයට කරදරයක් කරන්න මාන බලමිනුයි ඉන්නේ
මේ අතර රන්ජිත් රෙඩ්ඩිට තව දුවෙක් ඉන්නවා, ඒ තමයි ශ්‍රීලීලා රෙඩ්ඩි.. ශ්‍රීලීලා කොලේජ් යන කටකාර කෙල්ලෙක් ඉතිං මේ කෙල්ලට කොලේජ් එකේදි ඇණයක් සෙට් වෙනවා. ඒ තමයි බාස්කර් රාජු.. මේ දෙන්නා ඉතිං කොයි වෙලෙත් එකිනෙකාට හරහටමයි යන්නේ.. ඇමතිගේ බෑණා කිය කිය ඉන්න බාස්කර් රාජු ඇමතිගේ බෑණා වෙයිද ?
ඔය අතරේ තව කෙනෙක් මේ කතාවට එනවා. මෙයාගේ පෙනුමත් හරියටම බාස්කර් රාජුගේ පෙනුමට සමානයි කියලා බැලූ බැල්මට පේනවා.. ඇත්තටම මේ ඉන්නෙ එක්කෙනෙක්ද.. දෙන්නෙක්ද ?
එතනින් එහාට මොකද වෙන්නෙ කියලා මම කියන්නෙ නෑ.. ඔයාලම බලන්නකෝ.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම කවිෂ්ක සංකල්ප |මදුශාන් ප්‍රියන්කර (Cinerulk)
IMDb 4.5 /10 1,554 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Ram Pothineni isBhaskar Raju / Unknown Assassin
Bhaskar Raju / Unknown Assassin
Sree Leela isSreeleela
Sreeleela
Gautami Tadimalla isLakshmi Raju
Lakshmi Raju
Indraja isBharathi
Bharathi
Raja isManikanta Raju
Manikanta Raju
Srikanth Meka isRudrakanti Ramakrishna Raju
Rudrakanti Ramakrishna Raju
Sharath Lohitashwa isRanjith Reddy
Ranjith Reddy
Saiee Manjrekar isParineeta Raju
Parineeta Raju

Similar titles

Virundhu (2024)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raid (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangubai Kathiawadi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Moon-young (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
August 16, 1947 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Download Links Fixed
Nidarr (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akhanda (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
King Kong (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rush Hour 2 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paappan (2022) Sinhala Subtitles
A Private War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Shehan November 8, 2023 Reply

    “Five elements secret art” me film eka denna puluwanda🥺

Leave a Reply to Shehan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published