The Assassin (2023) | ඝාතකයාගේ රාත්‍රිය

ඉනාන් කියන්නෙ ඝාතකයෙක්.. එහෙමත් නැත්නම් කුලියට මිනීමරන්නෙක්.. එයාගෙ සටන් පිටවර නිසා ඉනාන්ට අසනීප තත්වයකට මූණ දෙන්න සිද්ධ වෙනවා.ජාං‍රිම් කන්දේ තියෙන මාහ්වාංජෝ ශාකය තමයි ඒකට තියෙන ප්‍රතිකාරය කියලා ඉනාන්ගෙ වෛද්‍යවරයා කියනවා. ඒ වුනත් කාටවත් ඒ කන්දට යන්න බෑ..හේතුව කන්දෙ කොල්ලකාරයො වගයක් ජීවත් වෙන නිසා. ඉනාන්ට පාඩුවේ ජීවිතේ ගෙවන්න ඕනෙ නිසා ඉනාන් එහෙට එනවා. එයාට අම්මා කෙනෙකුයි පුතෙකුයි එක්ක අවන්හලක වැඩකරන්නත් වෙනවා.

ඒ අතරවාරයේ ඉනාන්ගෙ පස්සෙන් කට්ටියක් ලුහු බඳිනවා.සටන් ජවනිකාවලින් අඩුවක් නැති මේ චිත්‍රපටය එක හුස්මට බලාගෙන යන්න පුලුවන් කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්.වැඩි විස්තර කියන්නෙ නෑ ඔයාලත් මේ සළරුව බලලා රසවිඳින්නකෝ..

Comments