EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode 4 – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ann Skinner, Anthony Waye, Gary White, George Lucas, Gerry Gavigan, Terry Madden
Cast
Go Full Cast PageStar Wars: Episode 4 – A New Hope (1977) | ලොව හොල්ලපු කතාවක ආරම්භය
මේ චිත්‍රපටිය ඇමරිකාවේ තිරගත වෙන්න ගත්තෙ 1977 මැයි 25 වෙනිදයි. ආදායම් විදියට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 461 හා ලොවපුරා තිරගත වීමේ ආදායම් එක්ක සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 775 ක් ලබන්න සමත් වුණා. ඒ අනුව Jaws (1975) චිත්‍රපටිය තියල තිබ්බ ඉහලම ආදායම් ලැබීමේ වාර්තාව මේ චිත්‍රපටිය සතුව තිබුනා 1983 තිරගත වෙච්ච E.T. the Extra-Terrestrial (1982) චිත්‍රපටිය එනකම්ම. දැන් මේ ලබපු ආදායම 2013 උද්ධමනයට ගලපනකොට ඇමරිකාවේ එතෙක් බිහිවූ දෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය බවට පත්වෙන්න සමත්වෙලා තියෙනවා. ලෝකයෙන්ම ගත්තොත් තෙවෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටියත් මේකයි. ඒ වගේම ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම චිත්‍රපට ගොන්නටත් මේ චිත්‍රපටිය අයිතියි. ඉතින් අද බලලා මේකේ දෘශ්‍ය ප්‍රයෝග ගැන හිතනවට වඩා 1977 වගේ කාලෙක තිබ්බ තාක්ෂණයත් එක්ක මේ චිත්‍රපටිය කොච්චර සුපිරි ඇත්ද කියලා පොඩ්ඩක් හිතල බලන්නකෝ.











